23 C
Colombo
Friday, February 14, 2025

ඇල්ල ඔඩිසි දුම්රිය ගමනට වෙන්න යන දේ

- Advertisement -

මහනුවර සිට දෙමෝදර දක්වාත්, නානුඔය සිට බදුල්ල දක්වාත්, ඇල්ල ඔඩිසි දුම්රිය දෙකක් ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 01 වැනිදා සිට සෑම සති අන්තයකම මහනුවරින් පෙරවරු 9.45ට දෙමෝදර දක්වා ඇල්ල ඔඩිසි කැන්ඩි දුම්රිය ධාවනය කෙරෙනු ලබනවා.

එම දුම්රිය එදිනම පස්වරු 6.00ට නානුඔයෙන් මහනුවර දක්වා ධාවනය කෙරෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇල්ල ඔඩිසි නානුඔය දුම්රිය පෙබරවාරි 10 වැනිදා සිට සඳුදා දිනවල හැර ධාවනයට එක්කරන බවයි.

මීට අමතරව ඇල්ල ඔඩිසි කලම්බෝ දුම්රිය අමතර ගමන්වාරයක් පෙබරවාරි 10 වැනිදා සිට සෑම සඳුදා දිනකම ධාවනයට පියවර ගන්නා බව නිවේදනයේ සඳහන් වනවා.

ඇල්ල ඔඩිසි Colombo දුම්රිය මේ වනවිටත් සෑම බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා දිනකම කොළඹින් පිටත් වනවා.

විදෙස් සංචාරකයින් අතර එම දුම්රිය ජනප්‍රිය වීම හා දැඩි ආකර්ශනය හේතුවෙන් මෙම නව දුම්රිය එක්කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මීට අමතරව ලබන 31 වැනිදා සිට කොළඹ කොටුව – කන්කසන්තුරේ රාත්‍රි තැපැල් දුම්රිය දිනපතා ධාවනයටද සැලසුම් කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES