33 C
Colombo
Thursday, March 28, 2024

හෙට (ජූලි 2) ඉදන් විදුලි බලය සැපයීමට වෙන්නේ මොකක්ද? – කීර්ති තෙන්නකෝන්

- Advertisement -

ජූලි 2 සහ 3 දෙදිනට අවශ්‍ය ඩීසල් පවතින්නේ කොලොන්නාව KPS 1 හා 2 සහ මතුගම තාප බලාගාර සඳහා පමණී.

පසුගිය සතියේ ලංකාවේ විදුලි බල අවශ්‍යතාවයෙන් 25% ක් සපයනු ලැබූවේ ඉන්ධන (ඩීසල්/දැවිතෙල්) මගිනි. ඉදිරි දින කිහිපයේ ලංකාවේ තාප විදුලිබලාගාර එකිනෙක් වැසී යාමට නියමිතය.

කැලණිතිස්ස කම්බයින් සර්කල් යන්ත්‍රයට මෙ.වෝ. 115 ක් සපයයි. එහි තෙල් ජූලි 2 (හෙට) ට පමණක් සෑහේ. කැලණිස්ස ජීටී7 යන්ත්‍රයේ තෙල් ඇත්තේ වර්ග මීටර් 100 ක් හෙවත් පැය කිහිපයකට පමණී. සපුගස්කන්ද මෙ.වෝ. 100 යන්ත්‍ර දෙකට දින 4 කට එනම් (ජූලි 5) දක්වා ඉන්ධන ඇත. උතුරු ජනනී (මෙ.ව. 24) හෙට දවසේ තෙල් නැතිව නවතිනු ඇත. සොජිට්ස් (මෙ.වෝ. 130) දැනටමත් තෙල් අවසන් ය. වෙස්ට්කෝස් (මෙ.වෙ. 270) හෙට සවස තෙල් නැතිව නවතිනු ඇත. මේ ලංකාවේ ලොකුම තාප විදුලි ජනන යන්ත්‍ර ටිකයි.

කෙටියෙන්ම සොජිට්ස් දැනටම නැවති ඇත. වෙස්ට්කෝස්, කැලණිතිස්ස, උතුරු ජනනී, යන ප්‍රධාන යන්ත්‍ර හෙට දිනයේ නවතිනු ඇත. තවත් කුඩා බලාගාර කිහිපයකට දින 4 කට ඉන්ධන ඇත.

නොරොච්චෝලේ ගල් අගුරු යන්ත්‍රයක් දැනටමත් අලුත්වැඩියාවට වසා ඇත. තවත් යන්ත්‍රයකට අමතර කොටස් සඳහා ඩොලර් මිලියන 9 ක් සොයා ගැනීමට රජය උත්සහ කරයි.

බිය වැද්දවීමට නොව, සුදානම්වීම සඳහා පැවසිය හැක්කේ ඉදිරි දින 3 තුල පැය 6 කට ආසන්න විදුලිය කැපීමක් සිදු විය හැකිය. තවත් දින 5 කින් පැය 8 දක්වා එය දීර්ඝ විය හැකිය.
මේ තත්වය වෙනස් කළ හැකි එකම සාධකය ඉන්දියන් තෙල් සමාගම, හෙට දිනය තුල ඩීසල් තොගයක් විදුලිබල මණ්ඩලයට ලබාදීමෙන් පමණී. මගේ පැතුම ඉන්දියන් ඩීසල් විදුලිබල මණ්ඩලයට ලැබේවා යන්නය.

ආණ්ඩුව ඉන්ධන බෙදාහැරිම නවතා දැමීමට දින 1 ½ කට පෙර මම එය ලියා තැබූවෙමි. එය සමාජ වගකීමක් ඉටු කිරීම සඳහාය. මෙය ද එසේමය.

රජිත් කීර්ති තෙන්නකෝන්

RECENT ARTICLES - SINHALA

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

කබ්රාල්ට අල්ලස් නඩුවක්

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු...

පාසල් වර්ගීකරණයේ වෙනසක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...