27 C
Colombo
Sunday, October 13, 2024

රට බංකොළොත් කරපු අයට මොකද කරන්නේ? – සජිත් (වීඩියෝ)

- Advertisement -

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

සජිත් ප්‍රේමදාස මහතා එහිදී තවදුරටත් සඳහන් කළේ රට බංකොළොත් කිරීමට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳව රජය ගනු ලබන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටින බවයි.

මෙම ප්‍රශ්නය ඉදිරිපත්  කරන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කෑ ගසමින් ගසමින් ඊට විරෝධය පළ කළ ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට විපක්ෂ විපක්ෂනායකවරයා අසලට පැමිණීමට කටයුතු කර තිබුණා

එහිදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය අසුනෙන් නැඟිට විත් සජිත් ප්‍රේමදාස මහතාගේ මයික්‍රොෆෝනය භාවිත කරමින් කෑ ගැසමින් හැසිරෙන අයුරුද දක්නට ලැබුණා.

එමෙන්ම මෙම අවස්ථාවේදී සිදුවීම විඩියෝ ගත නොකරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ගෙන් ඉල්ලීමක්ද සිදු  කළා.

RECENT ARTICLES - SINHALA

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාවක් අත්අඩංගුවට

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව ට පැවසෙන එම නේවාසිකාගාර පාලිකාව ඊයේ(12)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර...

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අවධානම දීර්ඝ කරලා

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා පසුගිය 11 වැනි දින පෙරවරුවේ නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි පැය...

මහනුවරින් පාර්ලිමේන්තුවට මාලිමාවෙන් එන්න ඉන්න අය

මෙවර මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් පහළොස් දෙනෙකු ඉදිරිපත්වි තිබෙනවා. ඒ අනුව අපේක්ෂකයින් පසුගිය (11) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී නාමයෝජනා භාර...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ

ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා. ඒ,...

ජාතික ජනබලවේගයේ කොළඹින් තරඟ වදින පිරිස

මහමැතිවරණය සදහා ජාතික ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සදහා තරග කරන කණ්ඩායම පසුගිය (09) දින නාමයෝජනා පත්‍ර අත්සන් කරනු ලැබුවා. ඒ අනුව එම නාමයෝජනා පත්‍ර අද (11)...