28.2 C
Colombo
Saturday, April 20, 2024

ගම්මන්පිල මාධ්‍යයට මොනවා කිව්වත් අපි යාළුවෝනේ – ඇමති ලොකුගේ

- Advertisement -

අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයේදී එකඟතාවකට පැමිණි බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

ඒ, ඊයේ (18) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින්.

ඩොලර් වලින් ගෙවීම් නොකරන්නේ නම් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා නොදෙන බවක් බලශක්ති අමාත්‍යවරයා පැවසුවද තමන් මිත්‍රයන් වන බැවින් ගැටළුවක් ඇති නොවන බවයි ඔහු පවසන්නේ.

මාධ්‍යවේදියා –

“ඉන්ධන ප්‍රශ්නය ගැන කතා කළාද ඇමතිතුමා ?”

අමාත්‍යවරයා –

”කතා කළා, කතා කළා … ඉන්ධන ගෙන්නලා දෙන්න ලෑස්ති කරලා තියෙන්නෙ”

මාධ්‍යවේදියා –

“අපට විදුලිය නැතිවෙයිද ?”

අමාත්‍යවරයා –

”අද නැතිවෙන්නෙ නෑ”

මාධ්‍යවේදියා –

“හෙට ?”

අමාත්‍යවරයා –

”හෙට උදේට බලන්න ඕනෙ ඒක …. අපේ ඉල්ලුමට ඕනෙ කරන ඉන්ධන ටික කොහොමහරි අපි ගේනවා. හිඟයක් නැතුව තෙල් සංස්ථාවේ පිරවුම්හල් වලිනුත් දෙනවා, ඒ එක්කම අපට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයත් අපට දෙනවා”

මාධ්‍යවේදියා –

“ඒත් තෙල් ඇමතිතුමා කියනවා දෙන්නෙ නෑ, දෙන්න විදියක් නෑ ඔබතුමාලාට කියලා ?”

අමාත්‍යවරයා –

”එහෙම ඉතිං ඒ මාධ්‍යවලට කිව්වාට … අපි මොකද අපි මිත්‍රයෝ නෙ. ඒකෙ කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ”

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...