තිරිඟු පිටි මිල වැඩිකර තිබුණද, පාන් මිල වැඩිකිරීමට බලාපොරොත්තු නොවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
මේවන විට බේකරි අමුද්‍රව්‍යවල මිල ගණන් 400% ඉහළ ගොස් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සභාපති එන්. කේ ජයවර්ධන පවසන්නේ.
මේ අතර තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 13කින් වැඩිකර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
බේකරිකරුවන්ගෙන් වැට් බද්ද අය නොකරන ලෙසත් බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ඉල්ලා සිටිනවා.