තිරිඟු පිටි මිල වාර්තාගත ලෙස ඉහළට

තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 40කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව එම සමාගම සිය වෙළෙඳ නියෝජිතයින්ට දන්වා ඇත්තේ නව මිල ගණන් යටතේ තිරිඟු පිටි නිකුත් කරන බවයි. මේ අතර ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල විශාල ලෙස ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද කටයුතු කළා.