27.5 C
Colombo
Wednesday, October 4, 2023

සියල්ල සාමාන්‍ය පරිදි සිදුවද්දී දුම්රිය පමණක් ධාවනය නොවන්නේ ඉන්ධන හිඟයක් නිසාද – වෘත්තීය සමිති

- Advertisement -

කොවිඩ් 19 තත්ත්වය තුළ බොහෝ කටයුතු පවත්වාගෙන යමින් තිබියදී රටේ ජනතාවගේ ප්‍රවාහන කටයුතු සඳහා දායක වන දුම්රිය සේවය පමණක් ධාවනය කිරීම දිගින් දිගටම කල්දමන හේතුව ප්‍රවාහන අමාත්‍යවරිය විසින් රටට පැහැදිලි කළ යුතු බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

මේ මස 01 වැනිදා සිට දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබුණු බවත්, පසුව එය මේ මස 14 වැනිදා දක්වා කල් දැමූ බවත් එම සන්ධානයේ ප්‍රධාන ලේකම් එස්.පී. විතානගේ මහතා සදහන් කරනවා.

කෙසේ වෙතත් දුම්රිය ධාවන කටයුතු යළිත් වරක් කලාදමා තිබෙන බවත් මෙමගින් දුම්රිය මගීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් ඔහු පෙන්වා දෙනවා.

දුරගමන් සේවා බස් රථ ධාවනය නොවූවත් පළාත් තුළ බස් රථ සේවා පවත්වාගෙන යන්නේ නම් දුම්රිය ධාවනය සඳහාත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් විතානගේ මහතා පවසනවා.

කොවිඩ් තත්ත්වය තුළ පවා දුම්රිය සේවකයින් සේවයට වාර්තා කරන බැවින් දුම්රිය ධාවනය කිරීමේ කටයුතු සිදුකිරීමට කිසිදු බාධාවක් නොමැති බවත්, එවැනි තත්ත්වයක් තුළ පවා දුම්රිය ධාවනය නොකර සිටින්නේ ඇයිදැයි යන්න ගැටළුකාරී තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...