23 C
Colombo
Friday, February 14, 2025

රට බංකොළොත් වෙලාවේ මහින්දගේ ගෙදරට මිලියන ගානක් යට කළා – එස්.බී

- Advertisement -

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස මිලියන 700 ක් 800 ක් වියදම් කර සෑදුවේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වූ කාලයේදී බවත් ඒවා එතරම් හොඳ වැඩ නොවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසනවා.

අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මහින්ද රාජපක්ෂ මහතා එම නිල නිවස ඔහුගේ දේශපාලන කටයුතුවලට අවශ්‍ය ලෙස ඔහු විසින් සකස් කරගත් බවයි.

පසුගිය ආණ්ඩුවල මැති ඇමතිවරුන් හොරකම් සිදුකළා මෙන් වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හොරකම් සිදු නොකරනු ඇති බවට ලබාපොරොත්තු වන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක එහිදී ප්‍රකාශ කළා.

ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ එස් බී දිසානායක මහතා :

“ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස එතුමාගේ දේශපාලන කටයුතු වලට අවශ්‍ය විදිහට ඒක හදාගත්තා..හැබැයි ඒක හදාගත්ත වෙලාවනම් හොඳ වෙලාවක් නෙවෙයි. රට බංකොළොත් වෙලා යන එන මන් නැතුව තෙල් , බෙහෙත්, ගෑස් නැතුව ඉන්න කාලේ තමයි ඔය මිලියන හත් අටසීය වියදම් කරලා ගේ හැදුවේ. ඒවා එච්චර හොඳ වැඩ නෙවෙයි. හැබැයි ඔහුට ගෙයක් ඕනේ.මන් හිතන්නේ නැ, ඒ ගේ ඔහුගෙන් අයින් කරගන්නත් පුළුවන් වෙයි කියලා”

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES