29.7 C
Colombo
Thursday, April 25, 2024

ජනාධිපති ඔක්කොම දීලා තියෙද්දි බොරුවට වර්ජනය කරනවා – මුරුත්තෙට්ටුවේ හිමි

- Advertisement -

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව ආරම්භ කර ඇති සංකේත වැඩවර්ජනයට තමන් වහන්සේගේ හෙද සංගමය සහභාගී නොවන බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ පවසන්නේ එසේ ලෙඩ නිවාඩු දැමීමේ විරෝධතා ව්‍යාපාරයක් සඳහා කිසිඳු සාධාරණ හේතුවක් නොමැති බවයි.

ජනාධිපතිවරයා විසින් ඉල්ලීම් 7ක්ම ලබාදීමට පොරොන්දු වූ බවත් ඊට අදාල චක්‍රලේඛ මේ වන විටත් නිකුත් වී ඇති බවත් ජනවාරි මස වන විට ඒවා ඉටු වන බවත් උන්වහන්සේ පවසනවා.

එසේ තිබියදී සිදුකෙරෙන මෙම විරෝධතාවයට මූලික වන ඉල්ලීම කුමක්ද යන්න තමන්වහන්සේට නොවැටහෙන බවයි උන්වහන්සේ පවසන්නේ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවයේ උසස් වීම් විෂමතා ගැටලු, හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය සිදුවන බවත් අද (24) පෙරවරු 7 සිට පැය 48ක කාලයක් එම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...