33 C
Colombo
Friday, April 19, 2024

යොහානි ගීතයෙන් ඉන්දියාව අල්ලනකොට, ඉන්දියාවේ අදානි සල්ලිවලින් ලංකාව අල්ලනවා – හෙක්ටර් අප්පුහාමි

- Advertisement -

යොහානි මුළු ලෝකයටම ශ්‍රී ලංකාවේ ගෞරවය රැගෙන ගොස් ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.

ඒ, අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.

ඇය වෙනුවෙන් රැස්වී සිටින ඉන්දීය ජනකාය දෙස බැලු විට ඇයට ඇති ජනාදරය වටහාගත හැකි බවයි ඔහු පවසන්නේ.

කෙසේ නමුත් යොහානි ගීතයෙන් ඉන්දියාව අල්ලා ගන්නා අතරතුර ඉන්දීය අදානි සමාගම ශ්‍රී ලංකාව අල්ලාගනිමින් සිටින බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

වෘත්තීය සමිති වල විරෝධතා හමුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්‍යන්තය ඉන්දියාවට ලබා ගැනීමට මින් පෙර දැරූ උත්සහය ව්‍යර්ථ වූවත් බටහිර පර්‍යන්තය අදානි සමාගමට මේ වන විට ලබාදී ඇති බව ඔහු පවසනවා.

වරායේ එක් කොටසක් චීනයටත් අනෙක් කොටස ඉන්දියාවටත් ලබා දී ඇති බවත් වරායේ හදවත මෙලෙස ලබාදීම බරපතල තත්වයක් බවත් ඔහු පෙන්වා දෙනවා

“වරාය හරහා ප්‍රතිඅපනයනය කිරීම තමයි ඉන්දියාව කරන්නේ. මේක ලෝකෙ විශාල ආදායමක් ලැබෙන ව්‍යාපාරයක්. කොළඹ වරාය කියන්නේ මේ රටේ මුදුන් මල්කඩක්. කොළඹ වරායෙ ආදායම් අලුතෙන් හදන්න ඕනෙ නෑ අපේ රට පිහිටල තියෙන විදිහත් එක්ක. එහෙම තියෙද්දි මේ ණයක් හරි අරගෙන වරාවල් සංවර්ධනය කරනවා වෙනුවට චීනයට සහ ඉන්දියාවට පැවරීම අපරාධයක්” යැයි ඒ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට...

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...