24 C
Colombo
Tuesday, March 21, 2023

අපි තමයි මාධ්‍ය නිදහස හොඳටම ආරක්ෂා කළේ – අගමැති

- Advertisement -

ලෝක මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යොමුකල සුභාශිංසන පණිවුඩය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

අදාල සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා දිවා රෑ වෙහෙසෙන සියලුම මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට තමන් ලෝක මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් සුබපතන බවයි.

එමෙන්ම මෙරට මාධ්‍ය නිදහස බරපතල ලෙස කප්පාදුනට ලක්ව තිබූ යුගයන් පිළිබදව තමන් අමුතුවෙන් සිහිපත් කල යුතු නැති බවද අදාළ නිවේදනයේ සඳහන්.

“අප බලයට පත්ව සිටින සෑම අවස්ථාවකම තොරතුරු දැනගැනීමේ අයිතියත් මාධ්‍ය නිදහසත් සුරක්ෂිත කිරීමට කටයුතු කර ඇති බව සිහිපත් කරමි” යනුවෙන්ද අග්‍රාමාත්‍ය වරයා සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

2010 වසරේ සැප්තැම්බර් 23 දින විපක්‍ෂ මන්ත‍්‍රිවරයකු ලෙස ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි කරු ජයසූරිය මහතා තොරතුරු දැන ගැනීමේ නිදහස පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව ඉදිරිපත් කරමින් එය සම්මත කල යුතු බවට කරන ලද යෝජනාව එකල විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ස්ථීර කිරීමට කටයුතු කළා.

නමුත් ආණ්ඩු පක්‍ෂය විසින් එවැනි පනත් කෙටුම්පතක් ගෙන ඒමට සූදානමක් ඇති බැවින් මෙම පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙසට ආණ්ඩු පක්‍ෂය විසින් දැඩි ලෙස ප‍්‍රකාශ කර සිටියා.

අදාළ පනත් කෙටුම්පත සූදානම් බවත් මෙවැනි කරුණක් ප‍්‍රතිපත්තිමය කරුණක් බැවින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුත්තේ ආණ්ඩු පක්‍ෂය බවත් එබැවින් මෙම කෙටුම්පත ඉවත් කරගත යුතු බවත් ආණ්ඩු පක්‍ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රිවරුන් කිහිප දෙනෙක් ප‍්‍රකාශ කළා.

ඒ අනුව ආණ්ඩු පක්‍ෂයෙන් එම පනත ගෙන එන බවට පොරොන්දුවක් දීම මත කරු ජයසූරිය මහතා සිය යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළත් එකළ පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් එවැනි පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේ නැහැ.

කෙසේ වෙතත් නැවත වරක් 2011 මැයි 13 වන දින ගැසට් පත‍්‍රයේ දෙවන කොටසේ පළකරන ලද මෙම පනත් කෙටුම්පත 2011 ජූනි මස 21 වන දින පෞද්ගලික මන්ත‍්‍රි යෝජනාවක් ලෙස කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කළ අතර විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එය ස්ථිර කිරීමට කටයුතු කළා.

නමුත් මෙම පනත් කෙටුම්පත පිළිබඳව යෝජනාවට ආණ්ඩු පක්‍ෂය විරුද්ධත්වය ප‍්‍රකාශ කල බැවින් කථානායකවරයා විසින් ස්ථාවර නියෝග 43 යටතේ ඡන්දයක් විමසීමට තීරණය කළා.

ඒ අනුව යෝජනාවට පක්‍ෂව ඡන්ද 32 ක් ලැබුන අතර යෝජනාවට විපක්‍ෂව ඡන්ද 99 ක් ලබාදී තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබදව පනත් කෙටුම්පත පිළිබද විවාදය පරාජය කිරීමට එකල රජය කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.