29.7 C
Colombo
Wednesday, April 24, 2024

තාප්පවල චිත්‍ර ඇඳපු තරුණයෝ කෝ? – අගමැති හැඟුම්බර වෙයි

- Advertisement -

ආණ්ඩු බලයෙන් කළ නොහැකි බොහෝ දෑ ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ගුරු-ගොවි උද්ගෝෂණද දුරදිග යාමට හේතුව වූයේ රජය දේශපාලනයෙන් ඈත්වීම නිසා බවයි ඔහු පවසන්නේ.

ඒ, කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී අද (02) දින පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි ජාතික මහා සම්මේලනය අමතමින්.

ජනතාවගේ හඬට ඇහුම්හන් දිව යුතු බවත් දේශපාලනයෙන් ඈත් වීමෙන් සිදුවන්නේ පරාජය කළ බලවේගයන් පටු වාසි ගැනීමට ජනතාව උසි ගැන්වීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා.

“මිත්‍රවරුණි, තේරුම්ගන්න අපිට ඡන්දය දුන්න ජනතාව දැන් ඉන්නේ ඉතාම අපහසුතාවයක. මේ වගේ කාල වලට මුහුණ දීලා අපිට නම් පුරුදුයි. මේ වගේ කාල වලදී නොකළ වැරදි වලටත් ජනතාව බණින්නේ ආණ්ඩුවට.

රට වෙනුවෙන් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරපු අපි ගැන මතුවටත් ඒ විශ්වාසය තියන්න පුළුවන් බව මම කියන්න කැමතියි.

මට මතකයි අපි ජයග්‍රහණය කළ මුල් දිනවල මේ රටේ තරුණයෝ මුලු රටේම තාප්ප වල චිත්‍ර ඇන්දා. අතේ වියදමින් තීන්ත අරගෙන, කාණුවල බැහැගෙන තාප්පවල මහ රෑ චිත්‍ර ඇන්ද බව ඔබ දකින්න ඇති. ඒ අය රටට ආදරය කරන නන්නාදුනන තරුණයෝ. මිත්‍රවරුණි, ඒ චිත්‍ර ඇන්ද තරුණයෝ අද කොහෙද කියලා අපි දන්නේ නෑ. ඔවුන් එහෙම තාප්ප වල චිත්‍ර ඇඳලා කිව්වේ මෙතෙක් කළ දේශපාලනයෙන් රට කැත කරන්න එපා කියලා. අපි ඒ පණිවිඩය තේරුම් ගන්න ඕනෙ. අද රට හැරයන්න පාස්පෝට් ගන්න පෝළිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න ඕනෙ. ඔවුන්ව ආයෙ මේ රටට කැඳවන්න පුළුවන් දේශපාලනයක් කරන්න ඕනෙ. ඒක තමයි අපේ පක්ශය කළ යුතු දේශපාලනය”

පක්ෂයේ සංවත්සර උත්සවය ආරම්භ වූයේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණිමත් සමගයි.

මහජන මන්ත්‍රණ සභාවක් පිහිටුවමින් LNG ගනුදෙනුවට එරෙහිව කටයුතු කරන නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නායකයෝ හා සාමාජිකයෝ ද මීට එකව සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සම්මේලනය ඇමතූ අතර ජනාධිපතිවරයාගේ වීඩියෝ පණිවිඩයක්ද මෙහිදී ප්‍රදර්ශනය කෙරිණ.

RECENT ARTICLES - SINHALA

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

කෘෂිකර්මාන්තයට දෙන සහන මුදල් ලබන සතියේ ගොවින්ට

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව...

කොළඹ මාර්ග අවුල් ජාලයක් වෙලා

කොළඹ මාර්ග රැසක මේ වන විට දැඩි මාර්ග තදබදයක් ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා දැමෙන බව...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...