25 C
Colombo
Friday, January 17, 2025

පාලන මිලට හාල් තියෙන්නේ කොහෙද?

- Advertisement -

ආණ්ඩුව පැනවූ පාලන මිලට සහල් ගැනීමට කිසිදු ස්ථානයක නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, අද (18) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරයි.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ,

“ජනපති කතාවක් කරමින් ඉදිරියේදී දෙන්න යන සහන ගැන සඳහන් කළා.නමුත් අද රටේ හාල් පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙනවා.වෙළඳපොලේ හාල් වැඩි ගණනට විකිණීම නිසා බොහෝ ආහාර වල මිල වැඩිවී තිබෙනවා.ජනපති මේ රටේ හාල් මෝල් හිමියන් සමඟ වට පහක් විතර සාකච්ඡා කළා.අන්තිමට 220ට තිබුණු පාලන මිල රුපියල් දහයකුත් වැඩි කරලා 230ට විකුණන්න අවස්ථාව ලබා දුන්නා.

මෙහෙම අවස්ථාවක් දුන්නත් තවම වෙළඳපොලේ හාල් හිඟයක් තිබෙනවා.230ට පාලන මිල තිබුනත් තාම නාඩු හාල් විකුණන්නේ 250 ට.කීරි සම්බා 260 යි කිව්වත් වෙළඳපොලේ මිල 280යි.රතු කැකුළු දෙසිය විස්සයි කිව්වත් වෙළඳපොලේ 250යි.

ඒ කියන්නේ ආණ්ඩුව එක පැත්තකින් පාලන මිලක් දැම්මත් තාම මේ රටේ ඉන්න හාල් මෝල් හිමියන් හාල් විකුණන්නේ තමන්ට අවශ්‍ය මිල ගණන් වලටයි.

හාල් මිල පාලනය කරන්නට ආණ්ඩුව රට හාල් ගේනවා.ඒක හොඳ තීන්දුවක්. නමුත් මුලින් ආණ්ඩුව එනකොට කිව්වේ රටින් හාල් ගෙනෙන්නේ නැති බවයි.”

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES