28.4 C
Colombo
Thursday, April 25, 2024

සිමෙන්ති මිල පහළට යද්දී දේශීය කිරිපිටි මිල ඉහළට

- Advertisement -

කිලෝග්‍රෑම් පනහේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට ඉන්සී සහ ටෝකියෝ සුපර් සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ, ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනයට සහාය දැක්වීමේ අරමුණින්.

ඒ අනුව රුපියල් 3,200ක්ව පැවති ඉන්සී සංස්ථා, ඉන්සී මහවැලි මෙරීන් ප්ලස්, ටෝකියෝ සුපර් සහ නිපොන් කිලෝග්‍රෑම් පනහේ සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 3,100ක්.

මේ අතර, හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය කිරිපිටි මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 850 සිට 950ක් දක්වා ඉහළ දමා ඇත. එසේම කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක සංශෝධිත මිල රුපියල් 2350කි.

මීට පෙර කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක මිල සටහන් වූයේ රුපියල් 2120ක් ලෙසටයි. එසේම මේද රහිත කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 840 සිට රුපියල් 1050ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...