27.4 C
Colombo
Wednesday, June 7, 2023

කොරෝනා පරීක්ෂණවලට සහය නොදීම ගැන චීනයට ඇමරිකාවෙන් යළි චෝදනා

- Advertisement -

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් 19 වෛරසයේ ප්‍රභවය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පිළිබද නිසි සහය ලබා නොදීම සම්බන්ධයෙන් ඇමරිකාව සිය දැඩි කණස්සල්ල පළ කර තිබේ.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් පැස්කි මාධ්‍ය අමතමින් සදහන් කර ඇත්තේ චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරීක්ෂණ සදහා අවශ්‍ය සහය ලබානොදීම වගකීම් විරහිත සහ භයානක ක්‍රියාවක් බවයි.

යළිත් මෙවැනි වසංගත තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සදහා ලෝකයේ සියලු රටවල් වගකීමෙන් කටයුතු කළ යුතු බවත්, චීනයේ මෙම ක්‍රියාව එම වගකීම පැහැර හැරීමක් බවත් ඇය වැඩිදුරටත් සදහන් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ මස මුල ප්‍රකාශ කර තිබුණේ කොවිඩ් 19 වෛරසයේ ප්‍රභවය සම්බන්ධයෙන් වන පරීක්ෂණවල දෙවන අදියර සදහා වූහාන් වෙළෙදපල සහ මූලිකව හදුනාගත් ⁣ආසාදිතයන්ගේ දත්ත අවශ්‍යව ඇති බවයි.

එහෙත් චීනය ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් ⁣දක්වා නොමැති අතර එම දත්ත ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

කොවිඩ් 19 වෛරසයේ ප්‍රභවය පිළිබදව තවමත් අවසන් නිගමනයකට පැමිණ නැති අතර එය සතුන් හරහා මිනිස්සුන්ට ⁣සම්ප්‍රේෂණය වූ බවට වන මතයට අමතරව චීනයේ විද්‍යාගාරයකින් නිකුත් වූවක් බවට වන මතයක් ද පවතී.

RECENT ARTICLES - SINHALA

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...