26.1 C
Colombo
Monday, July 21, 2025

කොළඹ බලය කාටද?

- Advertisement -

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා.

පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිතව තිබෙනවා.

මෙවර පළාත් පාළන ඡන්ද විමසීමේදී, ජාතික ජන බලවේගය, කොළඹ මහ නගර සභාව ජය ගත්තා.

එහෙත්, එහි බහුතර බලයක් ලබාගැනීමට ඔවුන්ට හැකිවූයේ නැහැ.

ඒ අනූව ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවෙන් හිමිවූ සභික ධුර සංඛ්‍යාව 48 ක්.

සමඟි ජන බලවේගය සභික ධුර 29 ක් සහ එක්සත් ජාතික පක්ෂය සභික ධුර 13 ක් හිමිකර ගත්තා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කොළඹින් හිමිවූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 5 කි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සභික ධුර 4 ක් දිනා ගත්තා.

ස්වාධීන කණ්ඩායම් අංක තුන, මන්ත්‍රී ආසන තුනක් දිනා ගනිද්දී, ස්වාධීන කණ්ඩායම් 04 සහ 05 ආසන දෙක බැගින් හිමිකර ගෙන තිබෙනවා.

ජාතික ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කරන්නේ, ව්‍රායි ඛැලී බර්තසාර් මහත්මියයි.

විපක්ෂයේ පක්ෂවල ද සහයෙන් මඟි ජන බලවේගයේ රිසා ෆාරුක් මහතා නගරාධිපති ධුරයට තරග වදිනවා.

කොළඹ මහ නගර සභාවේ බලය තහවුරු කරගැනීමට නම්, සභික ධුර 117 න්, 59 ක් හිමිකර ගත යුතුයි.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES