24 C
Colombo
Thursday, February 13, 2025

ක්‍රිකට් සභාපති පුටුව කාටද?

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරි වසර දෙකක කාල සීමාව සඳහා නිලධාරීන් තෝරාපත් කරගැනීමට පැවැත්වෙන නිලවරණය සඳහා නාම යෝජනා භාරගැනීම පෙරේදා (22) අවසන් වුණා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධුරය සඳහා තරගවැදීමට නාමයෝජනා භාරදී තිබූ එක් පුද්ගලයෙකුගේ නාමයෝජනාවක් මේ වනවිට ප්‍රතික්ෂේප වී ඇති බවට වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය එළැඹෙන මාර්තු 31 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එහි සභාපතිධුරය වෙනුවෙන් වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා සීසීසී ක්‍රීඩා සමාජයෙන් නැවතත් නාමයෝජනා ලබාදී තිබෙනවා.

එම තනතුර වෙනුවෙන් නාමයෝජනා ලබාදුන් සෙසු අය වන්නේ එස්එස්සී ක්‍රීඩා සමාජයේ සමන්ත දොඩංවල සහ සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ජයන්ත ධර්මදාස යන අයයි.

කෙසේ නමුත් සභාපති තනතුරට නාමයෝජනා භාරදී තිබූ ගාල්ල ක්‍රිකට් සමාජයේ දිලීප චාල්ස් මහතාගේ නාමයෝජනා පත්‍රයේ ඇති දෝෂසහගත තත්ත්වය හේතුවෙන් ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුව පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් තනතුරට වත්මන් වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතාට අමතරව සමන්ත දොඩංවල සහ බන්දුල දිසානායක යන මහත්වරුන් නාමයෝජනා ලබාදී තිබෙන බවයි පැවසෙන්නේ.

නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා හෙට (25) පෙ.ව. 9 සිට පෙ.ව. 11 දක්වා කාලය තුළදී භාර දීමට කාලය ලබා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES