32 C
Colombo
Wednesday, March 19, 2025

තායිවානයේ නව ජනපති කවුද?

- Advertisement -

චීන විරෝධී පාලක ප්‍රජාතාන්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ ලායි චින්ග් ටේ (Lai Ching-te) 40% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තායිවාන ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබෙනවා.

ඔහු මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් දිනා ඇති අතර ඡන්ද මිලියන 5 සීමාව පසු කළ පළමු තායිවාන ජනාධිපතිවරයා ලෙස ඔහු වාර්තා අතරට එක් වෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ලායි චින්ග් ටේ චීනයට වඩා අමෙරිකාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට කැමැත්තක් දක්වන නායකයෙකු ලෙස ප්‍රකටව ඇති බවයි.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පැවැත්වූ කතාවකදී ප්‍රජාතන්ත්‍රවාදයේ නව යුගයක් ආරම්භ කිරීම සඳහා දායක වීම සම්බන්ධයෙන් ලායි චින්ග් තායිවාන ජනතාවට ස්තූතිය පුද කර තිබෙනවා.

එමෙන්ම, මැතිවරණයට එල්ල වුණු බාහිර බලවේගවලට තායිවාන ජනතාව සාර්ථකව මුහුණ දීමට සමත් වූ බවද ඔහු එම කතාවේදී අවධාරණය කර තිබුණා.  

කෙසේවෙතත්, චීනය විසින් ලායි චින්ග් ටේ දරුණු බෙදුම්වාදියෙකු වශයෙන් සැලකීම නිසා ඔහුට මේ වසරේදී නව ජනාධිපතිවරයා ලෙස දුෂ්කර සමයකට මුහුණ දීමට සිදු වනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම්...

POPULAR ARTICLES

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

ජර්මන් ජාතික කාන්තාවක් ප්‍රාදේශීය සභා ඡන්දෙට

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගලේවෙල ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා ජර්මන් ජාතික කාන්තාවක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මායා බෙනට් සා නමැති ඇය ස්වාධීන...