25 C
Colombo
Friday, January 17, 2025

නව කථානායක කවුද? තීරණය අද

- Advertisement -

පාර්ලිමේන්තුව අද (17) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන අනුව ප්‍රථමයෙන් අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව නව කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදු කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ පාර්ලිමේන්තුවේදී රැස් වු අතර එහිදී තීරණය වී ඇත්තේ අද පෙරවරුවේ නව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව සහ දිවුරුම් දීම සිදු කිරීමටයි.

ඒ අනුව, සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම්කළ මන්ත්‍රීවරයන් තිදෙනෙකු සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම් කළ මන්ත්‍රීවරයෙකු දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

අනතුරුව නව කථානායකවරයෙකු තෝරා ගැනීමට නියමිතයි.

අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් 10 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධූරයට පත් වූ අශෝක සපුමල් රන්වල ඉකුත් 13 වැනිදා ධුරයෙන් ඉල්ලා අස්වුණා.

මේ අතර, පසුගිය 13 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක සපුමල් රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට දැනුම් දෙමින් ජනාධිපති ලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, කථානායක ධූරය සදහා පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

නව කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේදී රැස්වී සාකච්ඡාවක් සිදු කළා.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කළේ කථානායක ධූරය සදහා විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු යෝජනා කිරීම සම්බන්ධයෙන් අනිකුත් පක්ෂ සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

මේ අතර, කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නියෝජිතයෙකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා සිය පක්ෂය සහාය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES