27 C
Colombo
Sunday, April 2, 2023

ආරක්ෂක ලේකම් කියපු කවුද මේ ත්‍රිකුණාමලේ කැලෑ කපන හාමුදුරුවෝ

- Advertisement -

ඊයේ (17) දිනයේ පැවති රැස්වීමක් අමතමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පැවසුවේ ආණ්ඩුවට හිතවත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ හිමිනමක්ද කැලෑ කපමින් සිටින බවයි.

මේ හිමි නම කවුරුන්දැයි දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ලිපියක් මඟින් හෙළිකර තිබෙනවා.

එම ලිපිය පහතින්,

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා, ත්‍රීකුණාමලේ කැලෑව කපන බවට චෝදනා කරන භික්ෂුන් වහන්සේ වෙන කවුරුවත් නොව උතුරු නැගෙනහිර හා තමන්කඩුව දිසාවේ නායක හාමුදුරුවෝ වන පනාමුරේ තිලකවංශ හිමි ය.
හදුනාගන්න පහසුවට කිව්වොත්, ගෝඨාභය ජනාධිපතිතුමා ‘නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකා‘ (තනි සිංහල) යේ සාමාජිකයෙකු ද වන්ලෙනේ මේ පනාමුරේ තිලකවංශ හිමියෝ මය.
මා හොදින්ම දන්නා තරමට නම්, පනාමුරේ හාමුදුරුවෝ කරන්නේ කැලෑ කපන එක නොව ‘ඉඩම් අල්ලන එක‘ ය. නැගෙනහිර පළාතේ විශාල පුරා විද්‍යා ස්මාරක සංඛ්‍යාවක් තියෙනවා. ගල් කුණුවක් වගේ එකක් තියෙන තැනක බලලා එතන සුද්ද කරලා ‘පුංචි කාමරයක් හදලා‘ එතන මුලින්ම පුද්ගලයෙක් නවත්වනවා. ඊට පස්සේ එම ස්ථානයට අයත් අක්කර 50 -60 ක් තිබුණා කියලා ලේඛන හදාගෙන එම ඉඩම කොටු කර ගන්නවා.
හැබැයි ලංකාවේ අනිත් තැන්වල වෙනවා වගේ මහා පරිමාණයෙන් කැලෑ කපන චෝදනාවක් පනාමුරේ තිලකංශ හාමුදුරුවන්ට නෑ. තියෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් හෑම කෙනාටම අයිති ඉඩම් අල්ලා ගැනීම ගැන චෝදනා රැසක්. මුස්ලිම් මිනිස්සුන්ගේ වගා බිම් තමයි ඒ අතර මුලික වෙන්නේ. වෙනත් පන්සල්වලට අයිතිව තිබුණු ඉඩම් අල්ලාගත් බවට ත් ඒ දුක් ගැනවිලි රැසක් තියෙනවා. විස්තර ඕනි කෙනෙකුට ගිරිහඩු සෑයේ නායක හාමුදුරුවන්ගෙන් අහගන්න පුළුවන්. අල්ලපු ඉඩම් අතර, සිංහල ගොවියන්ට අයිති පාරම්පරික ඉඩම් රැසක් තියෙනවා.
ඉඩමක් අල්ලා ගත්තට පස්සේ අඩි දෙකක් විතර උස කොන්ක්‍රීට් කනු හිටවනවා. ඊටත් පස්සේ මේ කනුවල පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මායිම් ගල විදිහට පාට ගානවා. ඊට පස්සේ ගොවියෝ එතනට යන්න බයයි. පුල්මුඩේ, කුච්චිවේලි, හැම ඉඩමක්ම අල්ලලා තියෙන්නේ මේ විදිහට. මේක සංවිධානාත්මක බලහත්කාරී වැඩක්.
හැබැයි නැගෙනහිරවත්, රත්නපුරේ, මාතලේ, මහනුවර, පොලොන්නරුවේ මහා පරිමානයෙන් ගස්, රක්ෂිත කැලෑ කැපිල්ලයි ඉඩම් ඇල්ලිල්ලයි අතර වෙනසක් තියෙනවා. මෙතන තියෙන්නේ ගස් කපනවාට වඩා ඉඩම් ඇල්ලිල්ල. (එකක් වත් හරි කියලා නෙවෙයි කියන්නේ)
මේ හාමුදුරුවෝ ඉන්නේ ග්‍රාම ආරක්ෂකයෝ පිරිවරාගෙන. කලින් නම් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාවත් තිබුණා. දැන් නම් එහෙම තියෙනවා ද දන්නේ නෑ.

– රජිත් කීර්ති තෙන්නකෝන් –

ආරක්ෂක ලේකම්වරයා ත්‍රිකුණාමලයේ හිමිනම පිළිබදව සිදුකල ප්‍රකාශය පහතින්,

RECENT ARTICLES - SINHALA

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

මොන්ටිසෝරියටත් ප්‍රජනන සෞඛ්‍යය

පෙර පාසල් අවධියේ සිටම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉගැන්වීම් දරුවන්ට ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු...

පාඨලීගෙන් නව දේශපාලන පක්ෂයක්

ලබන මසදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...