24 C
Colombo
Sunday, February 16, 2025

මවගේ හිසට ගිනිඅවි‍ය තබා දියණිය පැහැරගත් අයෙක් අත්අඩංගුවට

- Advertisement -

දැරණියගල, දේල්ඔලුව ප්‍රදේශයේ නිවෙසකට කඩා වැදී කාන්තාවකගේ හිසට ගිනි අවියක් තබා 18 හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බව කියන පෙම්වතා ඇතුළු දෙදෙනකු බෝර 12 ගිනි අවි දෙකක් සමග ඊයේ (13) අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඕවිට, මානික්කන්ද සහ කදන්ගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 17 සහ 19 වියේ පසුවන සැකකරුවන් දෙදෙනෙක්.

අවුරුදු 18 ක තම දියණිය ඉකුත් (12) රාත්‍රී පැහැරගෙන ගිය බවට එම තරුණියගේ මව විසින් දැරණියගල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව, පැහරගත් බව කියන තරුණිය සහ සැකකරු අතර කාලයක පටන් ප්‍රේම සම්බන්ධතාවක් තිබූ බව පොලිසිය පවසනවා.

එම ප්‍රේම සම්බන්ධතාවට තරුණියගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් දිගින් දිගටම විරෝධය දක්වා ඇති අතර පසුව මව විසින් එම තරුණිය අත්තනගල්ල ප්‍රදේශයේ ඥාති නිවෙසක දින කීපයක් නවතා තබා නැවත ඉකුත්දා (12) දැරණියගල තම නිවෙසට කැදවාගෙන විත් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ, මෙම තරුණිය මව සමග බස් රථයෙන් නැවත දැරණියගල නිවෙසට එන අතරවාරයේ සැකකාර තරුණයාට දුරකතන ඇමැතුමක් ලබාගෙන නැවත නිවෙසට එන බව පවසා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES