27.8 C
Colombo
Thursday, July 17, 2025

සීනි බදු ගැන තොරතුරු එළියට දුන්නේ කවුද? – මනූෂ (වීඩියෝ)

- Advertisement -

සීනි බදු වෙනස්වීම ගැන තොරතුරු ව්‍යාපාරිකයින් අතට පත් කළ අය පිළිබඳව පරීක්ෂණයක් අවශ්‍ය බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා පවසනවා.

පස්යාල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මනූෂ නානයක්කාර අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඔහු තවදුරටත් සඳහන් කළේ සීනි බද්ද වෙනස්වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමටත් පෙරම ව්‍යාපාරිකයින් අතට පත්වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති අතර බදු සංශෝධනය පිළිබඳ දැන සිටියේ රේගු නිලධාරීන් බවයි.

එමෙන්ම, සීනි බදු වැඩි කිරීම ගැන දැන සිටියේ කවුරුන්ද, කිසිවෙක් හෝ මේ පිළිබඳ තොරතුරු එළියට ලබා දුන්නේද යන්න පිළිබඳ අනිවාර්යෙන්ම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද මනූෂ නානයක්කාර අමාත්‍යවරයා අවධාරණය කරනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනූෂ නානයක්කාර අමාත්‍යවරයා,

“සීනි වංචාව ගැන අපි එදා හඬ නැගුවා වගේම අදත් වංචාවක් වෙනවා නම් හඬ නගන්න කටයුතු කරනවා.  අපි වංචාවක්, වැරැද්දක් වෙන තැනක කට වහගෙන ඉන්නේ නැහැ. මෙතනදී මොකක්ද වෙලා තියෙන්නේ කියන කාරණය අපි හොයලා බැලිය යුතුයි.

සීනි ලංකාවට ගොඩ බාන්න සූදානම් කරලා තියෙද්දී හෝ ගොඩ බෑවට පස්සේ බද්ද වැඩි කළාද කියන ප්‍රශ්නය තියෙනවා. ඒත් මෙතන තියෙන සෑබෑම ප්‍රශ්නය වෙන්නේ සීනි බදු වැඩි කරනවා කියන ආරංචිය ව්‍යාපාරිකයින්ට යන්නේ කොහොමද කියන කාරණයයි. මේ බද්ද වෙනස් වෙනවා කියන කාරණය කැබිනට් එක්ටවත් ඇවිල්ලා තිබුණේ නැහැ. මේක දන්නේ රේගුවේ අයයි. එතකොටම මේක කොහෙන්ද එළියට ගිහින් තියෙන්නේ ?

අපි අයවැවෙන් පඩි වැඩිකරන්න සූදානම් වෙනකෙට ඒ තොරතුරු එළියට යනවා. ඊට පස්සේ උද්ඝෝෂණ කරනවා පඩි වැඩි කරන්න කියලා.

ඒ වගේම බද්ද පනවන්න යනවා කියන කොටම ටක්ගාලා බඩු ටික ගේනවා.  බද්දක් අඩුකරන්න සූදානම් වෙනකොට බඩු ටික හංගා ගන්නවා. එතකොට මේ සේරම තොරතුරු යන්නේ කොහෙන්ද ? මේවා කැබිනට් මණ්ඩලයෙන් නෙමෙයි එළියට යන්නේ.  

මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කළයුතුයි. එහිදී මේ සීනි බදු වැඩි කිරීම ගැන කවුරු හරි දැනන් හටියාද?  මේ තොරතුරු එළියට කිව්වාද ? කියන කාරණා ගැන අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කළයුතුයි. කණ්ඩායමක් මේ බදුවල සිදුවෙන වෙනස්කම් වලින් ආදායම් හොයන්න කටයුතු කරනවා. ඒ නිසාමයි ජනාධිපතිතුමා සීනි වලට උපරිම සිල්ලර මිලක් දැම්මේ. ඒ තීරණයත් එක්ක මේ බදු වැඩි කිරීමෙන් අයුතු ලාභ ලබන්න බැරිවෙනවා.”

RECENT ARTICLES - SINHALA

කුණු ට්‍රැක්ටර්වලින් රැස්වීමට ආපු මන්ත්‍රිවරු

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ චෙංගලඩි සහ වාලච්චේන ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ සභිකයන් ඊයේ(16) මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර දෙකකින් පැමිණ...

ටික් ටොක් සමාගමෙන් සුභ ආරංචියක්

TikTok සාමාජ මාධ්‍යයේ  නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුව තිබෙනවා.  විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල්...

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (17)...

POPULAR ARTICLES