31 C
Colombo
Thursday, April 18, 2024

විරෝධතාවයේදී පොලීසියට රෝසමල දීපු තරුණිය කවුද?

- Advertisement -

පාර්ලිමේන්තු වටරවුම අසළ ඊයේ (08) පැවති විරෝධතාවයේදී පොලීසිය වෙත රෝසමලක් දුන් තරුණිය පිළිබදව සමාජ මාධ්‍ය තුළ මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ ඊයේ පැවති විරෝධතාවය පාර්ලිමේන්තුව දෙසට පැමිණීම වැළෑක්වීම සදහා පොලීසිය විසින් මාර්ග බාධක යොදා අවහිර කර තිබුණා.

කෙසේවෙත් එම මාර්ග බාධක අසළටම ගිය තරුණියක් මාර්ග බාධකවලට ඉහළින් පොලිස් නිලධාරීන් වෙත රෝස මලක් ලබාදී කියාසිටියේ “අපි වගේ නංගිලා හරි, සහෝදර සහෝදරියෝ ඇතිනේ, ඉතිං මේක ගන්න” ලෙසයි.

අරගල භූමියකදී බැටන් පොලු කඳුගෑස් පරදමින් ආදර රැගෙන ගිය මෙම තරුණිය නමින් කසුන්සලා ගිම්හානි වෙනවා.

ඇය රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුවියක් ලෙස අධ්‍යාපනය හදාරමින් සිටිනවා.

කසුන්සලාගේ මෙම ක්‍රියාව විශ්ව විද්‍යාල සිසුන් අතර දැඩි ප්‍රසාදයට ලක්ව ඇති අතර මේ හේතුවෙන් ඇයව ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකාවලද අවධානයට ලක්ව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලාංකික තරුණියක් අඟහරු වෙත යන්න සුදානම්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තුළ සිදුකෙරෙන මෙහෙයුමකට සහභාගී වීමට නාසා ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.ස්වේච්ඡා සේවකයන් හතර...

රටට එන සංචාරකයන්ට කාලකණ්ණි වැඩ කරන්න එපා – ඩයනා ගමගේ

මෙරටට පැමිණෙන විදේශිකයන්ට අපහසුතා ඇති කරන ඕනෑම අයකුට එරෙහිව දැඩි පියවරගන්නා බව සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ පවසනවා. ඇතැම් සුළු පිරිසක් නින්දිත ලෙස කටයුතු කරමින්...

කුරුවිට ඝාතනයක්

කුරුවිට පොලිස් වසමේ කීරගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට සිදුකළ පයින් පහරදීමක් හේතුවෙන් ඝාතනයක් සිදුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, ඊයේ (17) රාත්‍රී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...