28.4 C
Colombo
Thursday, April 25, 2024

වෙනත් ජනාධිපතිවරයෙකු බිහිකිරීමට අවශ්‍ය වු කණ්ඩායම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය අතර සම්බන්ධයක් තියෙනවාද සැකයි – දයාසිරි

- Advertisement -

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයෙන් පහකර වෙනත් ජනාධිපතිවරයෙකු බිහිකිරීමට අවශ්‍ය වු කණ්ඩායම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය අතර කිසියම් සම්බන්ධයක් පවතින්නේදැයි තමන්ට සැක සහිත බැවින් ඒ පිළිබද ගැඹුරින් විමර්ශනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ දෙසැම්බර් 08 දින පාස්තු කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2015 වර්ෂයේ සිට මෙරට ආණ්ඩු මාරුවීම් සහ ජනාධිපතිවරු බිහිවීම් සිදුකර ඇත්තේ මෙරට ඡන්ද දායකයින් නොව විදෙස් බලවේග විසින් බවයි.


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉකුත් වසරේ මැයි මස 13 වන දින කුලියාපිටිය නගරයේ ඇතිවු නොසන්සුන්තාවයන් අතර තුර හෙට්ටිපොල පොලිස් ස්ථානයේ සිටි අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනෙකු තම මෝටර් රථයෙන් බිංගිරිය පොලිස් ස්ථානයට රැගෙන යාමේ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාව ජනාධිපති කොමිසම ඊයේ කැදවා තිබුණා.

එහිදි සාක්ෂිදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තම නිවසට යාබද හෙට්ටිපොළ පොලිස් ස්ථානය අසලට ජනතාව එක්රැස්වී නොසන්සුන්කාරි ලෙස හැසිරීමත් හේතුවෙන් අදාළ සිද්ධිය වූ ස්ථානයට තමන් ගමන් කළ බවයි.

තමන් එම ස්ථානයට යන විටත් නාමල් කුමාර නැමැත්තා සහ හිමිනමක් දේශනයක ස්වරූපයෙන් රැස්ව සිටි ජනතාව අමතමින් සිටි බවත්, ” මේක මගේ ආසනයේ වැඩක් කරුණාකර ප්‍රශ්න ඇති නොකර ඔයා යන්න “ යැයි තමන් ඔහුට පැවසුවද ඔහු එයට සවන් නොදුන් බැවින් යම් දැඩි ස්වරූපයකින් කෑගසා නාමල් කුමාර නැමැත්තාව එම ස්ථනායෙන් ඉවත් කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ” ඇතිව තිබු තත්ත්වයට හේතුව අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසක් බිංගිරිය පොලිස් ස්ථානයේ සිට හෙට්ටිපොල පොලිස් ස්ථානයට ගෙනවිත් තිබීම බව තමන් දැනගත් අතර එම සැකකරුවන් යළි බිංගිරිය පොලිස් ස්ථානයට ගෙනයාමට පහසුකම් නොමැති බව හෙට්ටිපොළ පොලිස් ස්ථානාධිපතිවරයා පැවසු හෙයින් තම වාහනයෙන් සැකකරුවන් බිංගිරිය පොලිස් ස්ථානය වෙත ගෙනයාමට ඉදිරිපත් වු බවයි.

මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේ ” ව්‍යවස්ථාදායකය නියෝජනය කරන්නෙකු වන ඔබ විධායකය විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු සම්බන්ධයෙන් බලපෑම් කිරීම නිවැරදි ක්‍රියාවක්ද යන්නයි.

” ස්වාමිනි, මම බලපෑමක් කරානම් එය වැරදි නමුත් මම සැකකරුවන්ට ඇප දෙන්න කිව්වේ නැහැ. මොකද ඒ වෙද්දිත් එදින උදෑසන එවකට නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහත්මයා, පොලිසියේ ඉහළ නිලධාරින් සහ ගමේ ජනතාව එකතු වෙලා තිබ්බ රැස්විමකදි මෙම සැකකරුවන්ට ඇපදෙන්න තීරණය වෙලා තිබුණා. මම කළේ යළි බිංගිරිය පොලිස් ස්ථානයට සැකකරුවන් ගෙනයාමට සහයවීම පමණයි. ” යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කරුණු පැහැදිලි කළා.

මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ ඔබ අමාත්‍යධුරයක් දැරු යහපාලන රජය ජාතික ආරක්ෂාවට දුන්නේ කොයිවගේ තැනක්ද, ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත අහෝසි කරන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේ මන්ද යන්නයි.

” ස්වාමිනි ඒ වෙද්දි එම පණත අවශ්‍ය නැහැ කියන තැන යහපාලන රජය ඉන්න ඇති. අලුත් පනතක අවශ්‍යතාවය අවධාරණය වෙලා තිබ්බා. නමුත් පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුනේ නැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ කියන තැන ජනාධිපතිවරයා ප්‍රමුඛ අපේ පාර්ශවය සිටියා. නමුත් ද්වි පාක්ෂික ආණ්ඩුවේ අනිත් පාර්ශව නිසා අභ්‍යන්තර ගැටුම් ඇතිවුණා. ඒ ඔස්සේ ජාතික ආරක්ෂාව යම් තරමකට දුර්වලවීමක් සිදුවුණා කියලා මම පිළිගන්නවා ” යැයි රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු දුන්නා.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා පෙරළා ප්‍රශ්න කළේ ඔබ යම් අවස්ථාවක ජාතික ආරක්ෂක කවුන්සලයට සහභාගි වුනාද, එහිදි සහරාන් හෂීම් සම්බන්ධයෙන් සාකච්ඡා වුනාද යන්නයි.

ඔව් මම සහභාගි වුණා. අත්අඩංගුවට ගැනීම පිළිබද සාකච්ඡා වුන වෙලාවේ සහරාන් ලංකාවේ සිටියේ නැහැ කියන එක තමයි මතුවුණේ. මොහු ගැන කතාවුනේ 2016 වගේ ඉදලා. නමුත් අත්අඩංගුවට ගැනීමට නොහැකිවුනේ ඇයි කියන කාරණය පැහැදිලියි. යහපාලන රජය තුළ සිදුවු අභ්‍යන්තර ආරවුල්, ආණ්ඩුව බලයට ගෙන ඒමට උදව් කළ විවිධ පාර්ශව වල බලපෑම් මෙවැනි අත්අඩංගුවට ගැනීම් මගහැරෙන්න හේතුවුණා. මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපි ගේන්න ගියා එක රටක් එක නීතියක් කියලා ප්‍රතිපත්ති මාලාවක්. එය පවා ගේන්න බැරිවුනේ ඒ වෙද්දි ආණ්ඩුවේ හිටපු මුස්ලීම් අමාත්‍යවරු සහ ප්‍රබල පාර්ශව නිසයි ” යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සාක්ෂි ලබාදුන්නා.

ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා වෙත ප්‍රශනයක් යොමුකළ ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා මෙලෙස ප්‍රශ්න කළා.

” රාජ්‍ය ඇමතිතුමා ඔබතුමා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ ප්‍රකාශයක් කළානේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ටාජ් සමුද්‍රා හෝටලයට ප්‍රහාරයක් එල්ල නොකළේ විශේෂ පිරිසක් එහි නවාතැන් ගෙන ඉදපු නිසයි කියලා. මොකක්ද ඔබ එවැනි ප්‍රකාශයක් කිරීමට මුල්වුන හේතුව “

” ස්වාමිනි මෙහෙමයි, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයෙකු ටාජ් හෝටලයටත් යනවා. නමුත් ඔහු එක එහි පුපුරගන්නේ නැහැ. ඔහු ආපසු හැරි යනවා. මේ හෝටලය එක විශේෂ රටක ව්‍යාපාරිකයන්ට අයිති හෝටලයක්. මම කිව්වේ ශ්‍රැන්ග්‍රීලා හෝටලට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වෙන්නයි. ටාජ් හෝටලයේ ප්‍රහාරය නොවෙන්නයි හේතු හොයන්න කියලා ” යැයි රාජ්‍ය අමාත්‍යවරයා ඊට පිළිතුරු දුන්නා.

මෙහිදි ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා යළිත් ප්‍රශ්නයක් මතුකරමින් මෙසේ විමසුවා.

” හරි, ඔබතුමා ප්‍රකාශයක් කරලා තිබ්බනේ මේ පාස්කු ප්‍රහාරය පිටුපස විදේශ බලවේගයක් ඉන්නවා කියලා. මේ කොමිසමට කියන්නකෝ එහෙම කියන්න මොනවද ඔබතුමා ළඟ තියෙන කරුණු කියලා “

” ස්වාමිනි කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි එක. සහරාන් කියන්නේ බෙදුම්වාදියෙක් නෙමේ. ඔහු මාරගෙන මැරුණේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙමේ. කොටින්ම කිව්වොත් ඔහු මරාගෙන මැරුණයින් ඔහු දිනාගත්තු දෙයක් නැහැ. අපි හොදින්ම දන්නවා ලෝකයේ කිසිම ත්‍රස්තවාදි කණ්ඩායමක නායකයෙක් මරාගෙන මැරෙන්නේ නැහැ. එහෙම මරාගෙන මැරෙන්නනම් Motivate වෙන්න ඕනේ. මොකක්ද සහරාන්ට තිබුණු Motivate එක. සහරාන් තනිවම මේක කළාද, නැත්තම් තව කෙනෙක් සහරාන්ව පාවිච්චි කළාද කියන එක ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක් කියනවා මේ Self Motivation එකක් කියලා හැබැයි මම එහෙම හිතන්නේ නැහැ. මම කියන්නේ සහරාන්ව මෙහෙයවපු බලවේගයක් ඉන්නවා. සහරාන් කියන්නෙත් මේ ප්‍රහාරයේ වින්දිතයෙක්. ඊළග කාරණය හිටිහැටියේ කොහෙන්ද මේ නාමල් කුමාර කෙනෙක් මතුවුනේ කියන එක. ඔහු කියනවා ඒ වෙද්දි හිටපු ජනාධිපතිවයි, ඉදිරියේදි එයි කියලා ඒ වෙද්දි හිතාගෙන හිටපු අපේක්ෂකයාවයි ඝාතන කුමන්ත්‍රණයක් ගැන. ඒ තුළ රට තුළ අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවෙනවා. සහරාන් සම්බන්ධයෙන් සිදුවෙමින් තිබු විමර්ශන වලට බාධා එල්ල වෙනවා. එතකොට කව්ද ඔය කියන නාමල් කුමාර පිටුපස හිටියේ. අන්න ඒවයි අපි සොයන්න ඕනේ. ” යැයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

” ස්වාමිනි තවත් දෙයක්. ඔය කාලේ වෙද්දි එවකට හිටපු ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය මර්ධනය සදහා විශාල වැඩපිළිවෙළක් ගෙනයමින් විශාල කිර්තියක් අත්කරගෙන හිටියා. නමුත් මේ පාස්කු ප්‍රහාරය නිසා හිටපු ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයකට තරග කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා ගෙදර යන්න වෙනවා. මට තියෙන ප්‍රශ්නය කාටද අවශ්‍ය වුණේ මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපතිකමෙන් ඉවත් කරලා. තව කෙනෙක්ව එතනට ගෙන එන්න. කාටද අවශ්‍ය වුනේ තවත් කෙනෙක්ට එතනට එන්න වටපිටාව හදන්න. අන්න ඒකයි පාස්කු ප්‍රහාරයයි අතර තියෙන සම්බන්ධයත් සොයා බලන්න ඕනේ. ඊළග කරුණ තමයි පූජිත් ජයසුන්දර මහත්මයා කියලා තිබ්බා ඉන්දියාවෙන් ලැබුණු බුද්ධි තොරතුර කෙරෙහි ඔහුගේ විශේෂ අවධානය යොමු නොවුනේ ලංකාවේ බුද්ධි අංශ ඒ පිළිබදව තමාගේ කියලා තොරතුරක් දුන්නේ නැති හින්දා කියලා. එතකොට මට අහන්න වෙන්නේ අපේ බුද්ධි අංශවත් දන්නේ නැති ප්‍රහාරයක් ගැන විදෙස් බුද්ධි අංශ කොහොමද කිව්වේ හෙට මෙහෙම ප්‍රහාරයක් වෙනවා, මේ ස්ථාන වලට ගහනවා කියලා. ඔවුන් කොහොමද කිව්වේ අද මෙන්න මේ වෙලාව ඇතුළට ගහනවා කියලා. ඒ කියන්නේ අපේ රට තුළ අපිත් දන්නේ නැතුවම විදෙස් බුද්ධි අංශ ක්‍රියාත්මක වෙලා තියෙනවා. පස්සෙයි අපි දන්නේ ඒකත් ඉන්දියාවෙන් කියලා. මෙහෙම තත්ත්වෙක අපි දන්නවාද තව බුද්ධි අංශ කියක් මේ රටේ අපිටත් නොදැනුවත්වම ක්‍රියාත්මක වෙනවද කියලා. අපි කොහොමද දන්නේ තව බෝම්බ කියක් පිපිරෙයිද කියලා. 2015 වර්ශයෙන් පස්සේ මේ රටේ ආණ්ඩු මාරු කළේ ජනාධිපතිවරු වෙනස් කළේ විදේශ බලවේග. ඊට කළින් කොහොමද කියලා මම දන්නේ නැහැ. හැබැයි 2015 ඉදලා එහෙමයි. ඒ කියන්නේ ඒ වගේ දෙයක් දැන් වුනත් ඕනෑම අවස්ථාවක වෙන්න පුළුවන්. මේ දැන් ඉන්න ජනාධිපතිවරායාව වුනත් විදේශ බලවේගයකින් මාරු කරන්න පුළුවන්. ස්වාමිනි මම කියන්නේ මෙන්න මේ කියපු දේවල් ගැන සොයන්න. කාදිනල්තුමන් විමර්ශන හරියට වෙන්නේ නැහැ කියන්නේ මේ නිසා වෙන්න ඇති. මම කියන්නේ සහරාන් කියන්නෙත් මේ ප්‍රහාරයෙක් වින්දිතයෙක්. කවුරුන් හෝ ඔහුව පාවිච්චි කළා. මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, පූජීත් හේමසිරි ඔය ඔක්කෝගේම අතින් අත්වැරදීම් වෙන්න පුළුවන්. හැබැයි ඔය ඔක්කෝම මේ ප්‍රහාරයේ වින්දිතයෝ පමණයි. මෙතන ඊට වඩා මෙහෙයවපු කෙනෙක් ඉන්නවා ඒ ගැන සොයන්න. ” යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සාක්ෂි ලබාදුන්නා.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...