ලංකා විදුලිබල මණ්ඩලය මාස හයක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව පැවසුවද පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ගාස්තු සියයට 11 ත් – 23 ත් අතර පරාසයකින් අඩු කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අදහස වී තිබෙනවා.
ඒ අනුව විදුලි ගාස්තු අඩුකළ නොහැකි බවට වන යෝජනාවට පිළිතුරක් ලෙස විදුලිය ගාස්තු සියට 11 ත් – 23 ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකි බවට වන ප්‍රතියෝජනාවක් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (17 ) මහජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
ඒ අනුව විචාරකයන් පවසන්නේ විදුලි ගාස්තුව සම්බන්ධයෙන් වගකිවයුතු ඉහළම ආයතන දෙක වන ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අතරේ මත ගැටුමක් නිර්මාණය වී තිබෙන බවයි.