30 C
Colombo
Wednesday, June 25, 2025

නිපුනආරච්චි මාලිමාවේ කැබිනට් එකෙන් හැලුනෙ ඇයි?

- Advertisement -

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ ඔහුගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ කොළඹ ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ගත් ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසට මැතිවරණ කොමිසම ගැසට් මගින් ප්‍රසිද්ධියට පත්කළා.

ඉන් අනතුරුව කියැවුණේ අලුත් පත්වන සිවුදෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයේ ඔහුද සාමාජිකයෙකු වන බවයි.

ඒ අනුව අනුර කුමාර දිසානායක, හරිනි අමරසූරිය, විජිත හේරත් හා ලක්ෂ්මන් නිපුනාරච්චි යන අය අතරේ අමාත්‍යංශය බෙදීයාමට නියමිතව තිබුණා.

නමුත් අවසානයේදී ලක්ෂ්මන් නිපුනාරච්චි හැර අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන්නද ලක්ෂ්මන් නිපුනාරච්චි මහතාට සිදුවූයේ කුමක්දැයි බොහෝ දෙනෙක් දැන සිටියේ නැහැ.

අදාළ සිදුවීම පිළිබදව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා සදහන් කරන්නේ එය නීතිපතිවරයාගේ මතය අනුව සිදුවූවක් බවයි.

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මැතිවරණ කොමිසම පිළිගෙන එය ගැසට් කර තිබුණද අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දී තිබිය යුතු බවට නීතිපතිවරයාගේ මතය බව නිපුනාරච්චි මහතා පවසනවා.

නමුත් මීට පෙර එලෙස දිවුරුම් නොදී බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යවරයෙක් ලෙසට කටයුතු කර තිබුණද පෙර වැරදි සිදුකිරීමට තම පක්ෂය කටයුතු නොකරන බැවින් තමන් හැර අනෙකුත් තිදෙනා කැබිනට් අමාත්‍යවරුන් ලෙසට කටයුතු කිරීමේ තීරණය ගත් බව ගුවන් විදුලි නාලිකාවක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සදහන් කරනවා.

මීට පෙර එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටි සරත් ෆොන්සේකා මහතා සිරගත කළ අවස්ථාවේදී මනාප ලැයිස්තුව අනුව මීළඟට පාර්ලිමේන්තුවට යෑමට නියමිතව තිබුණේ තමන් බවත් සිරගත කළ ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවට යෑම නුසුදුසු බැවින් තමන් මන්ත්‍රී ධූරය භාර නොගෙන එම අවස්ථාවේදීද කැපවීමක් කළ බවත් ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙලා

හොරණ - කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අත්තනෝමතික ලෙස නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මාර්ගස්ථ...

රනිල්ගේ විදෙස් සංචාර ගැන CIDයෙන් විමර්ශනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියදී සිදු කළ විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24)...

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙක්ගේ සිරුරු හමුවෙයි

මිද්දෙණිය තෝරකොලයාය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 25ක් සහ 30ක් වූ තරුණයින් දෙදෙනෙක්.  ඔවුන්ගේ යතුරුපැදිද...

POPULAR ARTICLES