29.7 C
Colombo
Wednesday, April 24, 2024

තිසකුට්ටිගේ හොර බැංකුවට ආණ්ඩුව ඇයි අවසර දුන්නේ? – චමින්ද

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි මහතා සහ සිය ඥාතීන්ගේ ප්‍රමුඛත්වයෙන් ‘ග්‍රාමීය සමූපකාර බැංකුව’ නමින් මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය නොලත් ව්‍යාජ බැංකුවක් පවත්වාගෙන යන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද වි‍ජේසිරි මහතා චෝදනා කර සිටිනවා.

ඒ, ඊයේ (09) දින පාර්ලිමේන්තුව අමතමින්.

අදාල බැංකුවේ ශාකා 171ක් දිවයින පුරා ඇති බවට තමන්ට වාර්තා වී ඇති බවත් තිසකුට්ටි ආරච්චි මහතා සිය දේශපාලන බලය භාවිතා කර මුදල් මණ්ඩලයේ අනුමැතියකින් තොරවත් ‘බැංකු’ යන නාමය භාවිතා කර ඇති බවත් මෙහිදී චමින්ද වි‍ජේසිරි මහතා පෙන්වා දී සිටියා.

එවැනි ‘හොර බැංකුවකට’ රජයේ අනුමැතිය ලැබුනේ කෙසේද යන්නත් එහිදී මන්ත්‍රීවරයා විමසා සිටියා.

මීට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ එම බැංකු නාමයේ ‘සමූපකාර’ යන වචනය පවතින්නේ නම් පමණත් තමන්ට හෝ වෙළඳ අමාත්‍යංශයට මැදිහත් විය හැකි බවයි. නොඑසේ නම් සියළු දෙනා එක් වී මේ සම්බන්ධයෙන් මහබැංකුවට පැමිණිලි කළ යුතුව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

කෘෂිකර්මාන්තයට දෙන සහන මුදල් ලබන සතියේ ගොවින්ට

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව...

කොළඹ මාර්ග අවුල් ජාලයක් වෙලා

කොළඹ මාර්ග රැසක මේ වන විට දැඩි මාර්ග තදබදයක් ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා දැමෙන බව...

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...