25 C
Colombo
Saturday, November 27, 2021

ආණ්ඩුව ඉන්දියාවෙන් සාරාව නොඉල්ලන්නේ ඇයි? – සමගි ජනබලවේගයෙන් ප්‍රශ්නයක්

- Advertisement -

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකාරියක වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ලංකාවට බාරදෙන්නැයි ඉන්දියාවෙන් රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් නොකරන්නේ මන්දැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ‘නිව්ස් 19’ට පැවැසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු විදේශයන්ට පලා ගිය සියලු සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ යහපාලන ආණ්ඩුව විසින් යැයි ද වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැතැයි ද රහුමාන් මන්ත්‍රීවරයා කීය.

නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන පාස්කු ප්‍රහාරයට පටලවන්නට ආණ්ඩුව උත්සාහ කරන්නේ දින පනස් දෙකේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය අවස්ථාවේදී ඔහු මැතිවරණ කොමිසමේ හිටපු කොමසාරිස් හූල් මහතා වෙනුවෙන් ඉදිරිපත්වීම නිසා යැයි ද රහුමාන් මහතා චෝදනා කළේය.

මේ ආණ්ඩුව බලයට පත්වූයේ තනිකරම පාස්කු ප්‍රහාරය විකිණීමෙන් යැයි කී හෙතෙම දැනටත් එය දේශපාලනිකව පාවිච්චි කරනු විනා සැබෑ වැරැදිකරුවන් සොයාගැනීම ආණ්ඩුව හිතාමතාම මගහැර යමින් ඇතැයි ද චෝදනා කළේය.

ආණ්ඩුව මුස්ලිම් සමාජයේ දැඩි අවිශ්වාසයට තුඩු දෙන පාලනයක නිරත වී සිටින්නේ යැයි ද ආණ්ඩුවට සහාය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසට ඉදිරි මැතිවරණවලදී දේශපාලනික වශයෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RECENT ARTICLES - SINHALA

ඉදිරියේදීත් ජනප්‍රිය නොවන තීන්දු ගන්නවා..! – ජනපති

0
ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නො වන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදු වනු ඇතැයි...

“Be ready for unpopular decisions”: President

0
President Gotabaya Rajapaksa yesterday (26) told the country that any unpopular decisions will have to be taken for...

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පහරකෑ පුද්ගලයා ශ්‍රේෂ්ඨාධිකරණයට

පසුගියදා කිරිඇල්ල ප්‍රදේශයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරකෑමට ලක්වූ බව පැවසෙන වින්දිතයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර...

RECENT ARTICLES - ENGLISH

‘Tinker Lasantha’ death: BASL concerned over extra-judicial killing

0
The Bar Association of Sri Lanka (BASL) raising concerns on the death of a main murder suspect, H.L. Lasantha alias ‘Tinker Lasantha’...

WHO labels new Covid strain ‘omicron’

0
The World Health Organization on Friday assigned the Greek letter omicron to a newly identified Covid variant in...

Woman in Welikanda died by suicide, not gas explosion: Police

0
The Police said this evening (26) that the death of a 19-year-old female in Welikanda, Polonnaruwa is not...