28 C
Colombo
Saturday, April 19, 2025

මහින්දානන්ද රනිල්ට සහය දෙන්නේ ඇයි

- Advertisement -

2024 ජනාධිපතිවරණයට තරග කරන අපෙක්ෂකයන්ගෙන් රට ගොඩගෙන මේ රටේ ජනතාවගෙත් ආර්ථිකය ගොඩ දැමිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය උදෙසා ඊයේ (08) දින පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විමක් අමතමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පවසා තිබුණා.

තවද රටේ ආර්ථිකය කඩා වැටී තිබූ අවස්ථාවක එම අභියෝගයට මුහුණ දීමට කිසිදු අයෙකු ඉදිරිපත් නොවූ අවස්ථාවක එම අභියෝගය භාරගත් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවද ඔහු සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ රටේ ආර්ථිකය ඉහළ දමමින් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර පහ සඳහාත් ජනාධිපතිවරයා වශයෙන් පත්වුණොත් රට සහ සියළුම ජනතාව ගොඩයන බවයි.

එමෙන්ම තමන් රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට එතුමා සමඟ එක්වුවද තමන් එක්සත් ජාතික පාක්ෂිකයෙකු නොවන බවත්, රට ගැන සිතා ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කළ බවත්, මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...