24.5 C
Colombo
Tuesday, June 17, 2025

සමාජ මාධ්‍යවලට මොකටද කාගෙවත් පෙම් කතා – ලාල් කාන්ත

- Advertisement -

රටක් යහමගට ගැනීම සඳහා නීති අවශ්‍ය බවත්, එය ජනමාධ්‍යවේදීන්ට ද අවශ්‍ය බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

ඕනෑම වෘත්තියක නියැලී සිටින අයෙකු වරදක් සිදුකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ජනතාවට ඉඩක් ලැබිය යුතු බවද ලාල්කාන්ත මහතා පවසා සිටියා.

තවද ජනමාධ්‍ය හේතුවෙන් ද මෙරට ජනතාව පීඩාවට පත්වන බැවින් එවැනි නීති අවශ්‍ය බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඔහු මේ බව පැවසුවේ, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දරන මතය කුමක්දැයි මාධ්‍යවේදියකු අමාත්‍යවරයාගෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

මන්ත්‍රීවරුන් හෝ වෙනත් පාර්ශවයක් වුවද සිය පෞද්ගලික ජීවිතයේදී සිදු කරන දෑ සම්බන්ධයෙන් වගකීම පවතින්නේ එම පාර්ශවයන්ට බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චිට සමාජ මාධ්‍ය තුළින් එල්ල වන විරෝධතා සහ වාග් ප්‍රහාර සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කළ විමසිමේදී පවසා සිටියා.

තවද සමාජ මාධ්‍ය හෝ ජනමාධ්‍යවල කාර්‍යයභාරය වන්නේ එම පෞද්ගලික දෑ සම්බන්ධයෙන් මැදිහත් නොවිම බව ඔහු සඳහන් කළා.

තමාට මෙන්ම සිය දියණිය සම්බන්ධයෙන් ද මීට පෙර රාජ්‍ය මාධ්‍ය මගින් පවා අසත්‍ය ප්‍රචාර සිදු කළ බවත්, තමන් මෙන්ම දියණිය ද සිනහවෙන් ප්‍රතිචාර දක්වා එම චෝදනා ඉවත දැමූ බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.

”ප්‍රේම කරන අය ප්‍රේම කරගනිවි.ඒවා රජයේ දේපල පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි.එයාල කරගන්න ඒවට එයාලා වඟකියයි.සමාජ මාධ්‍යවලට මොකටද කාගෙවත් පෙම් කතා…මගේ දුව කැනඩාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නවා කියලා රාජ්‍ය මාධ්‍යත් කිව්වා.මායි දුවයි එකපුටුවේ වාඩිවෙලා ඒවා අහගෙන ඉන්නවා.මම ඒ දවස්වල මාධ්‍ය වලට කිව්වේ මම නොදන්න මගේ දුවෙක් කැනඩාවේ ඉන්නවද දන්නැහැ ඒක පොඩ්ඩක් හොයල බලන්න ඕන කියලා…කොට්ටච්චි ඉන්නේ කාත් එක්කද යන්නේ කාත් එක්කද කියලා.ඒක ඒ පවුලේ අය බලා ගනිවි…”

RECENT ARTICLES - SINHALA

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

දේශබන්දු කමිටුවට තවත් තුනක් සාක්ෂි දීලා

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවෝ තිදෙනෙක් සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන්...

POPULAR ARTICLES

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය හෙට 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට(17) ආරම්භ වනවා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ...