පසුගියදා අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳද අසාධ්‍ය තත්වයේ පසුවන බව වාර්තා වෙනවා.
බරපතල තුවාල ලැබූ ඔහුගේ බිරිඳ මේ වන විට ශල්‍යකර්මයකට ලක් කර ඇති අතර ඇය දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
පසුගිය 08 වැනිදා උදෑසන 10.00ට පමණ අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ පිහිටි ටැටූ ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
සිද්ධියෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන වසුළ නමැත්තා ජීවිතක්ෂයට පත්වූ අතර තවත් සිව්දෙනෙකු තුවාල ලැබුවා.
එමෙන්ම, මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන සිද්ධියෙන් තුවාල ලැබූ ‘ක්ලබ් වසන්ත’ගේ බිරිඳගේ තත්ත්වයද බරපතල වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.