Breaking : විජයදාස රාජපක්ෂගේ පුතණුවන් අත්අඩංගුවට (ඡායාරූප)

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදා රාජපක්ෂගේ පුත් නීතිඥ රකිත රාජපක්ෂ මහතා ඊයේ (19) රාත්‍රියේ රාජගිරියේ සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, ඊයේ රාත්‍රියේ රාජගිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුතා විසින් ධාවනය කරන ලද වාහනයෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.