29 C
Colombo
Sunday, June 4, 2023

යුද හමුදාවෙන් සිදුවන බාධාවන් නිසා වනජීවී වෘත්තිය සමිති වැඩවර්ජනයකට

- Advertisement -

මින්නේරිය ජාතික වනෝද්‍යානයට ආසන්න හබරණ ප්‍රදේශයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකු අතර සිදු වූ සිදුවීම ඉහළ පෙළේ නිලධාරීන් හරහා සමථයකට පත්කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මකවනවා.

එසේ ම මෙහිදී අදාළ හමුදා නිලධාරියා ප්‍රධාන මාර්ගයෙන් වනෝද්‍යානය දෙසට ඇතුළු නොවූ බව තහවුරු කිරීමටත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පමණක් විමර්ශනයක් සිදු කොට ඊට අදාළ පරීක්ෂණ විනය පියවරකින් පමණක් අවසන් කිරීමටත් අමාත්‍යංශ මට්ටමින් සාකච්ඡා සිදුවෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වනජීවී විෂය භාර රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක පැවසුවේ තමන්ට සිදු කළ හැකි සියල්ල මේ සම්බන්ධයෙන් සිදු කර ඇති බවයි.

තමන් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්නට දැනුම් දුන් බවත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද මීට අදාළ ව නීතිමය පියවර ගන්නා ලෙස උපදෙස් දුන් බවත් ඇමතිවරයා සදහන් කරනවා.

කෙසේ වෙතත් මේ සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ගැටළු පැවතීම නිසා වනජීවී වෘත්තීය සමිති වැඩවර්ජනයකට සූදානම් වනවා.

වනජීවී වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඉමේෂ් ගුණතිලක සඳහන් කළේ අදාළ වර්ජන සූදානම සහ සිදුවීමට අදාළ පරීක්ෂණ පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා දැනුවත් කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...