28.4 C
Colombo
Friday, April 26, 2024

චොකා මල්ලිගේ මරණ දඬුවම ඉවත් වෙයිද?

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට නියම කර ඇති මරණ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලමින් ගොනුකළ අභියාචනා පෙත්සම සලකා බැලීමට දින නියම කර තිබෙනවා.

ඒ, අදාල පෙත්සම අද නිශ්ශංඛ බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

ඒ අනුව, නොවැම්බර් 25 වැනිදා පෙත්සම සලකා බැලීමට දින නියම කෙරිණි.

2015 ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීමකට සූදානම් වෙමින් සිටි එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් පිරිසකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් දෙදෙනෙකුට මාරාන්තික ලෙස තුවාල කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වීම නිසා රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට 2020 ජූලිමස 03දා මරණ දඬුවම නියම කෙරුණා..

අදාල තීන්දුව දෝෂ සහිත බැවින් එම තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ජයසේකර මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...