33 C
Colombo
Saturday, April 20, 2024

ඉන්ධන මිල ඉහළ යයිද?

- Advertisement -

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (19) වනවිට ඩොලර් 89ක් දක්වා ඉහළ ගොස් තිබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ, සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකදී සභාව අමතමින්.

එය වසර 7කට පසු වාර්තා වූ ඉහළම මිල බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මසකට ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500ක් පමණ මෙරට වැය කරන බවත් මේ වනවිට ශ්‍රී ලංකාවේ මාසික අපනයන ආදායම ඩොලර් මිලියන 750ක මට්ටමක පවතින බවත් පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මෙහි ඇති බරපතළ තත්ත්වය සමස්ත ජනතාව තේරුම්ගෙන ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කළයුතු බවයි.

මේ වනවිට රජය ඩීසල් ලීටරයකින් රුපියල් 30ක පාඩුවක් ලැබුවද ඉන්ධන මිල ඉහළ නැංවීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් ඒ හේතුවෙන් පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ නැවත වැසි ලැබෙන තෙක් යම් විදුලි කප්පාදුවක් සිදු නොකළහොත් මාර්තු මස අගභාගයේදී විශාල අර්බුදයකට යාහැකි බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

“හොඳට කාලා බීලා කෑම ඉතුරුත් වෙලා කුණු බක්කියට කෑම විසික්කරන ගමන් ජනතාවට අරපිරිමැස්මෙන් වැඩ කරන්න කිව්වොත් ජනතාවට කේන්ති යනවා. ඒ ආදර්ශය එන්න ඕනේ දේශපාලකයින්ගෙන්” යැයි ඔහු පවසනවා

RECENT ARTICLES - SINHALA

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...