29.7 C
Colombo
Thursday, April 25, 2024

ගෝඨාභයට අගමැතිකම දෙනවා ද? – SBගෙන් පිළිතුරක්

- Advertisement -

රටේ ඉදිරි ගමන් මඟ සාර්ථක කරගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ බහු පාක්ෂික ආණ්ඩුවක් සදා ගැනීමට හැකි නම් එය ඉතා හොඳ තත්ත්වයක් වන නමුත් මෙරට දේශපාලන සංස්කෘතිය අනුව එය සිදුවන බවක් ගැන විශ්වාසයක් තැබිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා

ඒ, අද (25) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එබැවින්, කිරීමට සිදුවන්නේ යන්තමින් අටවාගත් රජයක් සෑදීම පම්ණක් වන බව‍යි මන්ත්‍රී එස්.බී. දිසානායක පවසන්නේ.

තවදුරටත් අති බහුතරයක පාර්ලිමේන්තු බලය මෙන්ම ගම් මට්ටමේ වැඩි ජනතා බලයක් ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ මොහොතේ පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා බටහිරට ආමන්ත්‍රණය කළ හැකි නායකත්වයක් ඉදිරියට ගෙන ඒමේ විකල්පය පැවති හෙයින් ඒ සඳහා සුදුසුම පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගැනීමට කටයුතු කළ බවත් පසුගිය මැතිවරණයෙන් ඔහුට ජන පදනමක් සාදා ගැනීමට නොහැකි වුවත් අගමැතිවරයා ලෙස කටයුතු කරගත් අත්දැකීම් සම්භාරයක් මෙන්ම දැක්මක් වික්‍රමසිංහ මහතා සතුව තිබෙන බවත් දැනටමත් ඔහු එඩිතර තීන්දු ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා පවසනවා.

මේ අතර, ගෝඨාභය රාජපක්ෂ අගමැතිධූරයට පත්කර ගැනීමට හෝ මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දුවක් ගෙන නොමැති අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට ද එවැනි වුවමනාවක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ.


RECENT ARTICLES - SINHALA

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

සිරිපාල ශ්‍රීලනිපයට වැඩබලන මහලේකම් කෙනෙක් පත්කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...