32 C
Colombo
Friday, March 31, 2023

ශ්‍රී ලංකාවට එන චීන යුධ නැව නිසා ඉන්දියාව අපි එක්ක තරහ වෙයි ද?

- Advertisement -

එළඹෙන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවක් වන (YUAN WANG – 5) පිළිබඳව ඉන්දීය නාවික හමුදාව විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

චන්ද්‍රිකා, රොකට් සහ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ආදිය නිරීක්ෂණය කළ හැකි නවීන උපකරණවලින් සමන්විත මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දැනටමත් සිය නොසතුට පළ කර තිබෙනවා.

වයඹදිග ඉන්දීය සාගර කලාපයේ අභ්‍යවකාශ චන්ද්‍රිකා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට පැමිණෙන (YUAN WANG – 5) යාත්‍රාව එළඹෙන අගෝස්තු 11 වනදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත අතර එම නෞකාව අගෝස්තු 11 වැනිදා සිට 17 වැනිදා දක්වා හම්බන්තොට වරායේ නැංඟුරම් ලා තැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තාකරන්නේ (YUAN WANG – 5) නෞකාවට කිලෝමිටර් 750කට වඩා ඉහළ ගුවන් ප්‍රවේශ නිරීක්ෂණ හැකියාවක් පවතින බැවින් දකුණු ඉන්දියාවේ කල්පක්කම්, කූඩන්කුලම් වැනි ඉන්දීය පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බවයි.

එමෙන්ම කේරළය, තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ් හී වරායන් ඇතුළු දකුණු ඉන්දීය වරායන් 6ක් පමණ මෙමඟින් චීනය නිරීක්ෂණයට ලක්වීමේ හැකියාව පවතින හෙයින් ඉන්දියාවේ මර්මස්ථාන රැසක තොරතුරු චීනයට රැස්කර ගැනීමට අවස්ථාව උදාවනු ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.


RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...