වයස අවුරුදු 65ට පෙර තමා දේශපාලනයෙන් සමුගෙන රටට නව ආදර්ශයක් ලබාදීමට සුදානම් බව රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පවසනවා.
නුගේගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් රොෂාන් රණසිංහ මහතා මේ බව සඳහන් කළා.
රොෂාන් රණසිංහ මහතා මෙහිදී අවධාරණය කළේ රාජ්‍ය සේවයේ විශ්‍රාම යායුතු සීමාව දේශාපාලනයට ද වලංගු විය යුතු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මහතා,
“කවදාහරි මගේ ඇස්පෙනීම අඩුවෙයි, කවදාහරි මගෙත් කං ඇහීම අඩුවෙයි. හැබැයි ඒක තමයි යතාර්ථය. ඇයි රාජ්‍ය සේවය අවුරුදු 60න් විශ්‍රාම යන්නේ?. විනිසුරුවරයෙකුටත් සේවය කරන්න පුළුවන් අවුරුදු 65යි. ආණ්ඩුකාරවයෙකුගේ වයස අවුරුදු 80ක් වුණාම පසුගිය ඉතිහාසයේ, ඔහුට හොඳ සිහිකල්පනාවක් තියෙනවාද වැඩකරන්න. මගේ දේශපාලන ජීවිතයේ අපි ආදර්ශයක් දෙනවා. දේශපාලනයෙන් අවුරුදු 65ට කලින් අපි විශ්‍රාම යන්න සූදානම්. මෙතන ඉන්න සියලුදෙනාම එහෙමයි. ඒ ආදර්ශය අපි දෙන්න සූදානම්.”