එකෙක්ට ඡන්දෙ දෙන්නේ නැහැ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ඉදිරි වැඩපිළිවෙලකින් තොරව ජූලි 20 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයේදී කිසිදු අපේක්ෂකයකුට සහය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අදාළ අපේක්ෂකයන්ගේ ඉදිරි වැඩපිළිවෙල පැහැදිලි කළ යුතු බවයි.