32 C
Colombo
Thursday, March 28, 2024

සජිත් ප්‍රේමදාසත් රනිල් සරණ යයි ද?

- Advertisement -

සර්ව පාක්ෂික වැඩපිලිවෙලක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනයට අනුව ලබන සිකුරාදා ඊට සහභාගි වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජනබලවේගයේ කළමනාකරණ කමිටුව අද (02) තීරණය කර තිබෙනවා.

අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව සඳහන් කළා.

කෙසේ නමුත්, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය උදෙසා වූ ජාතික මහජන සභාවට අනුබද්ධව නීතිඥ ප්‍රජාව සමග අද(02) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති රැස්වීමකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේ ‘රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව’ මේ වෙනවිට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ රාජ්‍ය මිලේච්ඡත්වය පාවිච්චි කරමින් ජනතාව පෙළීමට කටයුතු කරමින් සිටින බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසන අලුත් මුහුණුවරක් ජන සමාජය තුල නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයි පැවසූ විපක්ෂවරයා, මීට එරෙහිව ශක්තිමත් ලෙස පෙනී සිටිය යුතු බවත් පවසා සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සිවිල් ප්‍රජාව මඟ තොට දී හිංසනයට ලක්වන බවත්, ඔවුන්ට තර්ජනය එල්ල වී ඇති බවත් ඔහු මෙහි දී වැඩි දුරටත් කියා සිටියා.


RECENT ARTICLES - SINHALA

කාන්තාවකට පහරදී රන් භාණ්ඩ සොරාගෙන

හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ලක්ෂ දොළහක් පමණ...

උද්ධමනය පහළට

මෙරට මාසික පාරිභෝගික උද්ධමනය 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 මාර්තු මාසයේ පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ජන ලේඛන...

පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය ආයෙත් අපි හදනවා – ප්‍රසන්න

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගැන්වීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබෙනවා. මේ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...