30 C
Colombo
Sunday, December 3, 2023

පෝර්ට් සිටියට විරුද්ධ වූ සජිත්ට නඩුවක් වැටෙයිද?

- Advertisement -

කොළඹ වරාය නගරයට අදාල පනත හදිසියේ සම්මත කිරීමට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයේ නිරත වු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය තලංගම පොලීසියට උපදෙස් ලබාදී තිබේ.

තලංගම පොලීසිය විසින් පවසා ඇත්තේ නිරෝධායන නීති අනුව එම උද්ඝෝෂණය පැවැත්වීමට නොහැකි බවයි.

කෙසේවෙතත් සමගි ජනබලවේගය පක්ෂය පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ උද්ඝෝෂණය පවත්වා ඇති අතර පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී පවසා තිබුණේ පුද්ගල දුරස්ථභාවය හෝ සෞඛ්‍ය නිර්දේශ නොතකමින් ජනතාවට අවහිර වන සේ එම මහජන නියෝජිතයින් කටයුතු කර ඇති බවයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් රූපවාහිනි නාලිකා සතු සංස්කරණය නොකළ දර්ශන ලබාගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස කඩුවෙල මහෙස්‍ත්‍රාත් අධිකරණය පොලීසියට දැනුම් දී ඇත.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා

අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අල්ලස් දූෂණ...

බඹර ප්‍රහාරයකින් ගම්පොළ උණුසුම් වෙයි

සේවයේ නියුතු හමුදා සෙබළකුගේ මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු වලට ගිය ගම්පොල ස්ථානීය පරීක්ෂණාගාරයේ නිලධාරීන්ට පල්ලේල්දෙල්තොටදී බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් මාධ්‍යවේදියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...