ඡනාධිපතිවරණය සඳහා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිපියක් නිකුත් කර තිබෙනවා.
මැතිවරණ කොමිසම සඳහන් කළේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සූදානම් කර ගැනීම, ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව ආරම්භ කරන බවයි.
ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල්, ලබන 19 සහ 20 යන දෙදින සකස් කිරීමට දැනට සැලසුම් කර තිබෙන බව කොමිසම සිය ලිපියෙන් දැනුම් දී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර සඳහන් කළේ මැතිවරණ කොමිසමේ ඉල්ලීම් සලකා බලා පාසල්වලට නිවාඩු ලබා දීමට පියවර ගන්නා බවයි.