ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමත් සමග මෙරට දේශපාලන අස්ථාවරත්වය තීව්‍ර වීම හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට විසඳුම් සෙවීමේදී ශ්‍රී ලංකාවට බරපතළ ගැටළු ගණනාවකට මුහුණ දීමට සිදු වනු ඇති බව මේ වන විට පැහැදිලි වන කරුණක්.
ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට – අගමැති කාර්යාලයට සහ ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට දහස් ගණන් විරෝධතාකරුවන් කඩා වැදීමෙන් පසු ජූලි 13 වැනි දින තමා ඉල්ලා අස්වන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි 09 වැනිදා ප්‍රකාශ කළා.
පසුගිය ජුලි 20 වනදා පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගනු ලැබුවේ මෙවන් වටපිටාවක් හමුවේයි.
දේශපාලන අස්ථාවරත්වය හමුවේ මාස ගණනාවක් ඵැවති මෙම විරෝධතා ව්‍යාපාරවල ප්‍රතිඵලයක් ලෙස, රට තුළ දරුණු ඉන්ධන හිඟයක් මේ වන විටත් පවතින අතර ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා රජයට පාසල් වසා දැමීමට සහ අත්‍යාවශ්‍ය සේවාවන්හි සේවකයින් හැර අනෙකුත් සේවකයින්ට නිවසේ සිට වැඩ කරන ලෙස ඉල්ලා සිටීමට සිදුව තිබෙනවා.
ඛනිජ තෙල් සංස්ථාවට විශාල ණය බරක සිරවී සිටීම නිසා කිසිම ආයතනයක් ශ්‍රී ලංකාවට මුදලටවත් තෙල් සැපයීමට සූදානම් නැති වීම තත්ත්වය තවත් බරපතළ කර තිබෙනවා.
එබැවින් ඉන්ධන ආනයනය කිරීම සඳහා රුසියාවෙන් ණය ආධාර ඉල්ලා සිටීමට ද ශ්‍රී ලංකාවට පසුගිය දා සිදු වුණා.
ඉන්ධන, බලශක්තිය, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය මඟහරවා ගැනීම සඳහා බහු පාර්ශ්වික ආයතන, ඉන්දියාව සහ චීනයෙන් මූල්‍ය ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විටත් උත්සාහ කරමින් සිටිනවා.
බලයෙන් ඉවත්ව ගිය ජනාධිපති රාජපක්ෂ ජූනි 6 වන දින රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ දුරකතන සංවාදයක යෙදී තම රටට ඉන්ධන ආනයනය කිරීමට උපකාර කරන ලෙස ඉල්ලා සිටි අතර ඔහු එදින ප්‍රකාශ කළේ “ඉතා ඵලදායී සාකච්ඡාවක්” පැවැත්වූ බවයි.
එම වාර්තා පළ වුනේ එම සති අන්තයේම ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යවරයා රට තුළ පෙට්‍රල් අවසන් විය හැකි බවට අනතුරු ඇඟවීමෙන් පසුව වීම විශේෂත්වයක්.
හිඟය උද්ධමනය දරාගත නොහැකි මට්ටමට තල්ලු වී ඇති අතර, නවතම සංඛ්‍යා අනුව මෙරට උද්දමනය 58% ඉක්මවූ වාර්තාගත ඉහළ අගයක් ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව ජූනි 7 වැනි දින ප්‍රධාන පොලී අනුපාත රටේ ඉහළ යන ජීවන වියදමට මුහුණ දීම සඳහා සියයට එකකින් ඉහළ නැංවුවා.
ණය දීමේ අනුපාතිකය 15.5% දක්වා ඉහළ නංවන ලද අතර, තැන්පතු අනුපාතය වසර 21 කින් ඉහළම අගය වන 14.5% දක්වා වැඩි කරන ලදී.
මෙම අවස්ථාවේ දී , බටහිර රටවලින් ලැබෙන සහයෝගය ඉතා අල්ප බැවින්, භූ-දේශපාලනික ප්‍රතිවාදීන් වන චීනයෙන් හෝ රුසියාවෙන් උදව් ලබාගැනීම ශ්‍රී ලංකාව අවදානමට ලක් කරන කරුණක් වනවා.
රටේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපදය ජුනි 6 වන දින ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 6 ක හදිසි ආධාර ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, එක්සත් ජනපද රජයේ සංවර්ධන අංශය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා හදිසි අරමුදල් සැපයීම ශ්‍රී ලංකාවේ අර්බුදයේ ගැඹුර අනුව ඉතා කුඩා එකක් බව නම් කිව යුත්තක්.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආදායම් සහ රැකියා උත්පාදනය සඳහා තමන්ගේම ආර්ථික මොඩලයක් පණ ගැන්වීමට ශ්‍රී ලංකාව දැන් සිතමින් සිටීම සුභවාදී කරුණක්.
රටට ප්‍රධාන විදේශ විනිමය උපයා දෙන සංචාරක ක්ෂේත්‍රය ප්‍රමුඛතා පදනම මත පුනර්ජීවනය කිරීමත් ඒ සඳහා වැඩි සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට ඉන්දියාවේ නගර පහක සංදර්ශන පැවැත්වීමට ද ශ්‍රී ලංකාව සැලසුම් කර සිටිනවා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව බොහෝ කලක සිට ඓතිහාසික හා සංස්කෘතික බැඳීම් වලින් අනූන රාජ්‍යයන් 02ක්.
එබැවින්, Covid-19 ආශ්‍රිත සීමාවන් මගින් දැඩි ලෙස පීඩාවට පත් වූ සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියානු සංචාරකයින් දෙස බලා සිටින අතර මේ වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාව ඉන්දියානු සංචාරකයින් 61,951 ක ස්ථාවර ප්‍රමාණයක් දැක ඇති අතර එය ඕනෑම රටකින් ඉහළම සංචාරක පැමිණීම සනිටුහන් කරයි.
එක්සත් රාජධානිය ඇතුළු සමහර රටවල් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය සංචාර පමණක් සිදු කරන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියද, පසුගිය වසරේ පැමිණි 200,000 ට සාපේක්ෂව මේ වසරේ ගෝලීය සංචාරකයින් මිලියනයක් පමණ පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වනවා.
ශ්‍රී ලංකාව වැරදි ආර්ථිකකළමනාකරණය සහ වසංගතයේ බලපෑම නිසා ඉන්ධන, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් ගෙවීමට නොහැකිව අර්බුදයකට මුහුණ දී සිටිනවා.
ශ්‍රී ලංකාව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඩොලර් බිලියන 3 ක ණයක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වයි.
ශ්‍රී ලංකා රජය ඇස්තමේන්තු කර ඇත්තේ මේ වසරේ රටේ ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඩොලර් බිලියන 5 ක් පමණ අවශ්‍ය වන බවයි.
ජුලි 11 වෙනිදා ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ අනතුරු ඇඟවූයේ රට තුළ පවතින දිගුකාලීන දේශපාලන අස්ථාවරත්වය ණය සහන පැකේජයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා වල ප්‍රගතිය ප්‍රමාද කළ හැකි බවයි.
ඉන්දියානු මහ බැංකුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 1 ක හුවමාරුවක් සඳහා සාකච්ඡා සිදුවෙමින් පවතින බව ද ඔහු පැවසුවා.
ශ්‍රී ලංකාවට ජනවාරි මාසයේදී ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 ක හුවමාරුවක් ලැබුණු අතර ඉන් පසුව ණය මාර්ග දෙකකින් ඩොලර් බිලියන 1.5 ක් ලැබුණි.
“අපි තවත් ඩොලර් බිලියන 1 ක් සඳහා ඉල්ලීමක් කර තිබෙනවා,” ඔහු කියා සිටියේ, ඉන්ධන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 500 ක අතිරේක ණය මාර්ගයක් සඳහා රට ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.
ඒ අනුව මේ දුෂ්කර මොහොතේ දී ඉන්දියාව මෙරටට ලබා දෙන සහය කෙසේවත් සුළුකොට තැකිය හැක්කක් නොවන බව නම් පැහැදිලි කරුණක්.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වර්තමානයේ රට තුළ පවතින දැඩි දේශපාලනික අර්බුදය ක්‍රමවත්ව හා ස්ථාවරව විසඳාගන්නා තෙක් මෙම ආර්ථික අර්බුදයට නිසි විසඳුම් සෙවීම නම් පැහැදිලිවම ගැටලුවක්.