31 C
Colombo
Thursday, April 18, 2024

නොරොච්චෝලේ නිසා ශ්‍රී මහා බෝධියත් විනාශ වෙයිද?

- Advertisement -

රටේ බරපතල විදුලිය අර්බුදයක් පවතින බව රහසක් නොවේ. දශකයකට වැඩි කාලයක් තිස්සේ ලාභදායි පුනර්ජනනිය බලශක්තිය වෙනුවට ගල් අඟුරු සහ ඩීසල් මත යැපෙන විදුලිය මාෆියාවක් ක්‍රියාත්මක වීම මෙම අර්බුදයට ප්‍රධානම හේතුව බව අමුතුවෙන් කිවයුතු නැහැ. මෙම මාෆියාව ක්‍රියාත්මක වන්නේ එක් අතකින් බලයට පත්වූ සෑම ආණ්ඩුවකම විෂයභාර ඇමතිවරුන්ගේ දැනුවත්භාවය යටතේ මෙන්ම විදුලිබල මණ්ඩලයේ සහ අදාළ අමාත්‍යංශයේ ඉහළම නිලධාරීන්ගේ ආනුභාවයෙන් බව ජනතාවට රහසක් නොවේ. මෙම විදුලිය මාෆියාවට නිර්මාණය වීමෙහිලා ප්‍රධානම අනුබලයක් ලැබුණු සන්ධිස්ථානයක් වූයේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය 2014 වසරේදී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන අවස්ථාවයි.

අප එය සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්නේ, මෙරට ගල්අඟුරු මාෆියාව නිල වශයෙන්, මහා පරිමාණයෙන් ආරම්භ වූයේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයත් සමග වීම හේතුවෙනි. එතැන් සිට නොරොච්චෝලේ වෙත ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවුයේයැයි පැවසෙන අක්‍රමිකතා සංඛ්‍යාව විශාල අගයක්. මෑතකදී ඒ පිළිබඳව වාර්තාවූ හොඳම උදාහරණයක් වූයේ පසුගිය වසරේ ඩුබායිහි බ්ලැක් සෑන්ඩ් නමැති ආයතනයක් හරහා නොරොච්චෝලේ වෙත ගල්අඟුරු මිලදී ගැනීමට යාමේදී අනාවරණය වූ වංචනික තත්වයයි. මෙම ටෙන්ඩරය පිරිනැමීමේදී ටෙන්ඩර් ක්‍රියාවලිය උල්ලංඝණය වී ඇති බවත් එමගින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව පවසමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ 2022 සැප්තැම්බර් 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිවාසිකම් පෙත්සමක් පවා ගොනු කළා. එසේම පසුගිය සතියේ විදුලි වෘත්තීය සමිති අනාවරණය කරන ලද්දේ පසුගිය වසර ගණනාවක් තිස්සේ මෙරටට ආනයනය කරන ලද ගල්අඟුරු තොග සහ ඒවාට ගෙවන ලද සැබෑ මුදල අතර දැවැන්ත වෙනසක් පවතින බවයි.

රටේ පවතින වත්මන් විදුලිය අර්බුද උග්‍රවීමට ප්‍රධාන වශයෙන්ම බලපෑ, එසේම රටට ඵලදායි නොවන ආයෝජනයක් ලෙස එක්ව තිබෙන නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන වෙනුවෙන් චීනය විසින් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීම සඳහා කොන්දේසියක් ලෙස හම්බන්තොට වරාය ආකාරයෙන් සිය පාර්ශවයට පවරාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි නිල නොවන වාර්තා අනාවරණය කිරීමත් සමග, නොරොච්චෝලේ නැවතත් කරලියට පැමිණ ඇති තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය අර්ධද්වීපයේ දකුණු කෙළවරේ ඉදිකර ඇති නොරොච්චෝලේ බලාගාරය ලක්විජය බලාගාරය ලෙසද හැඳින්වේ. එය ශ්‍රී ලංකාවේ විශාලතම තාප බලාගාරයයි. මෙම බලාගාරය 1995 දී ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් යෝජනා කරන ලද නමුත් 2007 වන තෙක් එහි ඉදිකිරීම් ආරම්භ නොවුණි. ව්‍යාපෘති භූමිය ආසන්නයේ සහ ඒ අවට ජීවත් වන ප්‍රජාවන් සහ ප්‍රදේශවාසීන් විසින් සිය ජන ජිවිතයට සිදුවන බලපෑම් හේතුවෙන් දියත් කරන ලද විරෝධතා හේතුවෙන් එලෙස ඉදිකිරීම් ප්‍රමාද වුණා. බලාගාරයේ ඉදිකිරීම් සිදු කරන ලද්දේ China Machinery Engineering Corporation (CMEC) නමැති චීන සමාගම විසිනි. එහි ඉදිකිරීම් අදියර තුනකින් සිදු කරන ලද අතර අවසන් අදියර 2014 දී නිම කෙරුණා. පළමු අදියර මෙගාවොට් 300 ක් 2011 දී ද, දෙවන හා තෙවන අදියර 2014 දී ද ආරම්භ කෙරුණා. මෙම බලාගාරයේ සම්පූර්ණ විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 900ක්. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.35ක් වූ අතර මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් චීනය විසින් ශ්‍රී ලංකාවට ණය නිකුත් කරන ලද්දේ චීන ආනයන අපනයන බැංකුව හෙවත් ‘එක්සිම්’ බැංකුව හරහායි.

කෙසේවෙතත් ආරම්භයේ සිටම බලාගාරය නිරන්තර ගැටළු සහ බිඳවැටීම් වලට මුහුණ දී තිබෙනවා. අද වන විට නොරොච්චෝලේ කියූ පමණින් ජනතාවගේ සිහියට නැගෙන්නේ ‘බලාගාරයේ බිඳවැටීමක්’. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා විදුලි බල මණ්ඩලය දරා ඇත්තේ ඇති විශාල මූල්‍ය පාඩුවක්. මෙම බලාගාරය ප්‍රමිතියෙන් තොර සහ යල් පැන ගිය ද්‍රව්‍ය යොදා ඉදිකර ඇති බවත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ඉතා අඩු මට්ටමක පවතින බවත් හිටපු විදුලිබල ඇමතිවරු, මෙන්ම විදුලි වෘත්තීය සමිති විසින්ද වාර ගණනකදී පෙන්වාදී තිබෙනවා. අතුරු බිඳවැටීම් රාශියක් මධ්‍යයේ බලාගාරයේ සිදුව ඇති ප්‍රධාන බිඳවැටීමේ 25කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වරින් වර විදුලි බල මණ්ඩලය විසින් සකස් කරන ලද වාර්තාවලට අන්තර්ගත කර තිබෙනවා.

එවන් පසුබිමක නොරොච්චෝලේ බලාගාරයේ අයහපත් ප්‍රතිඵල සම්බන්ධයෙන් ඉලංකෙයි දෙමළ සංගම් (Sangam.org) පසුගියදා නවතම හෙළිදරව්වක් සිදු කළා.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් නිකුත් කරන වාෂ්පයේ ඇති විෂ අම්ල, ලිඛිත ඉතිහාසයක් ඇති ලොව පැරණිතම ජීවමාන වෘක්ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේට තර්ජනයක් විය හැකි බව ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින්ගේ සංගමයක් වන ඉලංකෙයි දෙමළ සංගම් (Sangam.org) වාර්තා කරනවා.

පරිසරවේදීන්ට අනුව අන්තරායකර අම්ල රැගත් වළාකුළු ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින අනුරාධපුර දෙසට ගමන් කිරීමේ ඉඩකඩක් පවතින බව Sangam.org වෙබ් අඩවිය උපුටා දක්වමින් ani ප්‍රවෘත්ති සේවාව වාර්තා කළා.
බලාගාරය ආසන්නයේ ගස් දැනටමත් හානිවීමේ ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගෙන තිබෙනවා. මෙම වායු විමෝචනය වීම නිසා උස ගස්වල කොළ කහ පැහැයට හැරීමට පටන් ගෙන ඇති අතර, විෂ විමෝචනයේ බලපෑම පූජනීය වෘක්ෂය මත පෙනෙන්නට පටන් ගැනීමට වැඩි කාලයක් ගත නොවනු ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
තවද, නොරොච්චෝල බලාගාරයෙන් නිකුත් වෙන වාෂ්පයේ අඩංගු ආම්ලික තත්ත්වය පුත්තලම අවට මුහුදු ප්‍රදේශ වෙත ද පැතිර යමින් පවතින බව සඳහන්. එබැවින් අනාගතයේදී මෙවැනි හානිකර ගල් අඟුරු බලාගාර යළි ගොඩනැගීම පරිසර පද්ධතියට තර්ජනයක් බව Sangam.org වාර්තා කරනවා.

කල්පිටිය අර්ධද්වීපයේ ඉදිකෙරෙුණු මෙගා වොට් 900ක ගල් අඟුරු තාප බලාගාරයෙන් නිකුත් වන වායු විමෝචනය අවසර ලත් ප්‍රමිතීන්ට වඩා බෙහෙවින් වැඩි බව අනාවරණය වූ පළමු අවස්ථාව මෙය නොවේ.
මෙම බලාගාරයෙන් ඝන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුදා හැරෙන අතර රත් වූ ජලය මුදා හැරීම නිසා තාප අපද්‍රව්‍ය සහ ජල දූෂණයක් ද සිදුවනවා. මෙය දිගුකාලීන පාරිසරික බලපෑම් ඇති කරනු ඇති බව Sangam.org වාර්තා කරනවා.
ලක් විජය බලාගාරයෙන් පිටවන වායුව පරිසරයට මෙන්ම ඒ අවට වෙසෙන ජනතාවට ද සැලකිය යුතු අහිතකර බලපෑම් ඇති කර තිබෙනවා.
ගල් අඟුරු අංගනය සහ අංගනයේ මෙහෙයුම් සඳහා භූගත ජලය විශාල වශයෙන් ලබා ගැනීමද දිගුකාලීන ගැටලු මතු කරනු ඇති බව Sangam.org වාර්තාවේ සඳහන්.

බොයිලර් පෝෂක, කන්ඩෙන්සර් සිසිලන වැනි විවිධ මෙහෙයුම් සඳහා ලක්විජය බලාගාරය මුහුදු ජලය භාවිතා කරනවා.
ඒ සඳහා එකවර විශාල ජල පරිමාවක් යොදා ගැනීම හේතුවෙන් සාගර ජීවීන්ගේ බිත්තර සහ කීට අවස්ථාවන් විනාශ වීමට මෙය හේතු විය හැකියි.
බලාගාරයේ ඇති ප්‍රධාන ගැටළුවක් වන්නේ විදුලි උත්පාදන ක්‍රියාවලියේදී නිපදවන අළුයි.
එම අළු විවෘත බැහැර කිරීම ද සැලකිය යුතු කරුණක්. මයික්‍රෝන 10 ට වඩා කුඩා බැවින් එය සුළඟින් පහසුවෙන් පාවී ගොස් කෘෂිකර්මාන්තයට බාධා කරන අතර, ජල සැපයුම් දූෂණය සහ විවිධ රෝගබාධ ද ඇති කරනවා.
නොරොච්චෝලේ බලාගාරය ආශ්‍රිත ප්‍රදේශවල ළමුන් කිහිප දෙනෙකුට චර්ම රෝග වැළඳී ඇති බව වාර්තා වන්නේ එවැනි පසුබිමකයි. සම මත ඇතිවන ලප සහ කුෂ්ඨ ලෙස ඇති මෙම චර්ම රෝ

RECENT ARTICLES - SINHALA

දියේ ගිලී පාසල් සිසුවෙක් අතුරුදන්

කාස්ලරී ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ කාසල්රී වතු යායේ පදිංචිව සිටි පාසල්...

ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ අරඹයි

ඇඹිලිපිටිය කඩදාසි කම්හල තුළ යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරු පිරිසකගේ සහභාගිත්වයෙන් අද (18) ඇඹිලිපිටිය...

තියුණු ආයුධයකින් පහරදී ව්‍යාපාරිකයෙක් ඝාතනය කරලා

කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී ව්‍යාපාරිකයෙකුව ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය ඊයේ (17) රාත්‍රියේ සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරනවා. ඝාතනයට ලක්ව ඇති...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...