28 C
Colombo
Wednesday, April 17, 2024

මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව විභාග කෙරෙයිද ?

- Advertisement -

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව මහ බැංකු බැඳුම්කර වංචා නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට නීතිපතිවරයා අද (13) කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.

ඒ එම නඩුවේ පළමු සහ දසවන විත්තිකරුවන් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් මේ වන විට විදෙස් ගතව සිටීම හේතුවෙන්.

මෙම නඩුව අද යළි කැඳවනු ලැබුවේ චම්පා චානක රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණ හමුවේ කියා සිටියේ මෙම නඩුවේ පළමුවන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති අතර ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය සමඟ උදර්පණ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවයි.

එම උදර්පණ ක්‍රියාවලිය සම්පූර්ණ වීම සඳහා සැලකිය යුතු කාලය ගත වන හෙයින් විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීම සඳහා සාක්ෂි මෙහෙයවීමට අවසර දෙන ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එමෙන්ම මෙම නඩුවේ 10 වන විත්තිකරු වශයෙන් නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තා මේ වන විට මැලේසියාවේ වාසයකරන බවට තොරතුරු ලැබී ඇති බවත් උදර්පණ නීතිය යටතේ ඔහු මෙරටට ගෙන්වා ගැනීම ප්‍රායෝගිකව අපහසු බවට කරුණු අනාවරණය වී ඇති හෙයින් එම විත්තිකරු නොමැතිව නඩුව පවත්වාගෙන යාම සදහා සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බවද අතිරේක සොලිස්ටර් ජනරාල් නාවාන මහතා අධිකරණයට දැනුම් දුන්නා.

කරුණු සලකා බැලු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නීති කෘත්‍යය දෙසැම්බර් මස 03 වනදා යළි කැඳවීමට නියෝග කළ අතර එදින එම විත්තිකරුවන් දෙදෙනා නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට අවශ්‍ය සාක්ෂි මෙහෙවීමට පියවර ගන්නා ලෙස පැමිණිල්ලට නියෝග කළා.

එමෙන්ම විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ උදර්පණ ක්‍රියාවලියේ ප්‍රගතියක් තිබේ නම් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණය දැනුවත් කරන ලෙසද ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට දැනුම් දුන්නා

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන භූ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පොදු දේපළ පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස් ජෙෆ්රි ඇලෝසියස් එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන ඇමති සුසිල් චිකාගෝ ගිහින්

ඇමරිකාවේ සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා චිකාගෝහි පිහිටි ඉලිනොයිස් සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ එහිදී එම සරසවියේ සෞඛ්‍ය සහ...

කොත්තු රොටියට රු 1900ක් ඉල්ලූ කෑම කඩේ මුදලාලි අත්අඩංගුවට

කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආහාර...

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ, ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා අද (16) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා මියයන විට ඒ මහතා 92 වැනි වියේ පසුවුණා. 1931...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...