ඇමරිකාව හා චීනය වෙළඳ සාකච්ඡා සඳහා ලන්ඩනයේදී අද (09) හමුවීමට නියමිතයි.
ඇමරිකාව හා චීනය අතර වෙළඳ යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් නව සාකච්ඡා වටයක් අද ලන්ඩනයේදී පැවැත්වීමට නියමිතයි.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා නිවේදනය කළේ ජ්‍යෙෂ්ඨ ඇමරිකානු දූත පිරිසක් චීන නියෝජිතයන් හමුවන බවයි.
එමෙන්ම චීන උප අගමැති හේ ලීෆෙන්ග් සාකච්ඡාවලට සහභාගී වන බව තහවුරු කර තිබෙනවා.
දෙරටම ආනයන බදු අඩු කිරීම සඳහා එකඟ වූ නමුත් රටවල් දෙකම ගිවිසුම කඩ කළ බවට ද චෝදනා එල්ල වනවා.
ඇමරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්, වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් සහ වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් මෙම සාකච්චා සඳහා එකවනු ඇති.
චීන විදේශ අමාත්‍යාංශය පැවසුවේ උප අගමැතිවරයා ජූනි 8 සිට 13 දක්වා බ්‍රිතාන්‍යයේ රැඳී සිටින බවයි.