33 C
Colombo
Friday, April 19, 2024

උත්සව සමයේ රට වැසෙයිද?

- Advertisement -

මෙරට කොවිඩ් ව්‍යාප්තිය තවත් ප්‍රභල වුවහොත් වසර අවසානයේදී රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවීමට හෝ සිදුවුවහොත් එය පුදුමයට කරුණක් නොවන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය අමතමින් පවසා සිටියේ මේ කාලසීමාව තුළ රට වැසීමේ තත්ත්වයක් උද්ගත නොවන පරිදි සියලුදෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

“අපි ලොකු පාඩම් ඉගෙන ගත්තා පසුගිය දෙසැම්බර් මාසයේ, අප්‍රේල් මාසෙත් ඒ පාඩම් ඉගෙන ගත්තා. දැඩි නීති පනවනවා ද ලොක්ඩවුන් එකකට යනවා ද කියන ඒක රජය මඟින් තමා තීරණ ගන්නේ පවතින තත්ත්වයත් එක්ක සැලකිල්ලට අරගෙන. හැබැයි උත්සව සමයේ දී විශේෂයෙන්ම සැලකිල්ලට අරගෙන මේ අවුරුද්ද අග බාගය වන විට ඒ ආකාරයට ලොක්ඩවුන් එකක් සංචරණ සීමා සහ රට වැසීමක් සිද්ධ කළොත් ඒක පුදුම වෙන්න දෙයක් නෑ. මොක ද අපි බරපතළ පාඩම් ඉගෙන තියෙනවා මීට කලින් උත්සව ආසාන්නයේ සිදු වු ක්‍රියාවන් නිසා. මේ කාලසීමාව තුළ රට වැසීමේ තත්ත්වයක් උද්ගත නොවන පරිදි සියලු දේවල් ඉතාමත් සාමකාමීව වගකීමෙන් යුතුව කටයුතු කිරීමට සියලු පාර්ශවයන් හිතට ගැනීම මේ අවස්තාවේ දී වැදගත් වෙනවා.”

RECENT ARTICLES - SINHALA

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...