32 C
Colombo
Friday, March 29, 2024

චීනයට රටේ සම්පත් සින්නකරට ලියලා දෙනවා ද? – කිරිඇල්ල

- Advertisement -

ණය ගෙවීමට නොහැකි නම් චීන ආයෝජනයෙන් කළ ශ්‍රී ලංකාවෙි සම්පත් සින්නක්කරව ලියා දෙන්නැයි චීනය පවසා තිබෙන බවට පළවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් උත්තරයක් දිය යුතුව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

ඒ, අතුරු අයවැය පිළිබඳ විවාදයට අද (01) දින එක්වෙමින්.

ඒ අනුව දකුණු අධිවේගී මාර්ගය ,මත්තල ගුවන් තොටුපොළ, කටුනායක අධිවෙිගී මාර්ගය,නෙළුම් කුළුණ,හම්බන්තොට වරාය ආදී ව්‍යාපෘති චීනයට දෙන්නට සිදුවෙනවා දැයි ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රශ්න කර සිටිනවා.

කවුරු රට පාලනය කළත් ශ්‍රී ලංකාව යනු සියලුම දෙනාගේ රට බවයි එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පවසා සිටියේ.

එමෙන්ම, රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කරන බව පවසමින් සේවකයන් එළියට ඇද දමනවා නම් ඊට විරුද්ධ වන බවත් සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරගත යුතුව තිබෙන අතර ආයතන පනස් දෙකක් ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි දැයි ප්‍රශ්න කළ යුතුව ඇති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

අද රටේ ප්‍රධාන ප්‍රශ්නය ඩොලර් හිඟය වන නමුත් අය වැයේ රටට ඩොලර් ගෙනෙන එකම යෝජනාවක්වත් රජය සතු නැතැයි ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කරනවා.


RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...