සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක්
නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති
කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.
2015 කැබිනට් පත්‍රිකාවට අනුව සිවිල් ආරක්ෂක සේවය ක්ෂය වන සේවයක් ලෙස
අනුමත කළත් එම කාලසීමාව ඉකුත්ව ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ට වසර 60 ක සේවා කාලයක
නිරත වීම සඳහා වසර 55න් ඉදිරියට සේවා දිගුව ඉල්ලා සිටිය හැකි බව පෙන්වා
දුන් සාගල රත්නායක මහතා එම කටයුතු කිසිවක් වෙනස් වි නොමැති අතර ඉදිරියට
ද වෙනස් කිරීමට සූදානමක් නොමැති බව අවධාරණය කළා.
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු
නිලධාරීන් විසින් ඉටු කරන ලද සේවාව අගය කරමින් මොරටුව කටුබැද්දේ පිහිටි
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ දී පැවැති
ඇගයීම් උළෙලට එක් වෙමින්.