27.8 C
Colombo
Thursday, April 25, 2024

සර්ව පාක්ෂික මූට්ටු ආණ්ඩුව නිසා විපක්ෂයේ බලයත් පොහොට්ටුවට ලැබී ආණ්ඩුව ශක්තිමත් වෙයි ද?

- Advertisement -

යෝජිත අන්තර්වාර පාලන ආණ්ඩුව පිහිටුවීමට කෙරෙන සැලසුමත් සමග පාර්ලිමේන්තුවේ පක්ෂ-විපක්ෂ බල ආධිපත්‍යම පවතින ආණ්ඩුවට හිමි වීමේ නැඹුරුවක් ගැන විශේෂඥ මත පලවෙමින් පවතියි.

වත්මන් ඇගමැතිවරයා සහ ජනාධිපතිවරයා සිටින රජයක් තුළ අන්තර්වාර පාලනයක් සඳහා නිරීක්ෂණ මට්ටමින් හෝ එක්නොවන බවට පාර්ලිමේන්තු ආසන තුනක් සහිත ජාතික ජන බලවේගය සිය ස්ථාවරය පල කර ඇත.

ආණ්ඩුව විසුරුවා හැර පිහිටුවන සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවකට සමගි ජන බලවේගයේ සහාය නොලැබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඊයේ නුවරදී ප්‍රකාශ කර තිබිණි.

රජයට එරෙහි විශ්වාසභංගයක් සම්බන්ධයෙන් හෝ ස්ථාවර තීන්දුවක නොසිටි TNA පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධව සිය ස්ථාවර මතය පැහැදිලි කර නැත.

මේ වන විට පවතින රජයට සහාය පළ කළ සුළු පක්ෂ 11කින් සමන්විත කණ්ඩායමක් 39කින් සමන්විත ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය රජයට සහාය දැක්වීමෙන් ඉවත් වී ඇත. ඔවුන්ගේ ප්‍රමුඛ යෝජනාව වී ඇත්තේ පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම සහ මේ වන විට සමාජයේ උද්ගතව ඇති ආණ්ඩුවට එරෙහි බරපතල විරෝධය සමනය කරගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතු බවයි.

මේ අතර, රජයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වහාම අමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර අන්තර්වාර රජයක් පිහිටුවන ලෙස බලකරමින් ඇත.

මෙම කණ්ඩායමට ඊයේ දිනයේ තවත් ආණ්ඩුව නියෝජනය කරන මහජන නියෝජිතයන් පිරිසක් එක් වු අතර ඔවුන්ගේ ද එක ම ඉල්ලීම වන්නේ ද අග්‍රාමත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කිරීමයි. ජනාධිපතිවරයා සර්ව පාක්ෂික රජයකට සිය කැමැත්ත ප්‍රකාශ කරමින් සියලු පක්ෂ නායකයන් වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගනු ලැබුවේ මෙම මන්ත්‍රී කණ්ඩායමත් සමග සාකච්ඡාවකට ද එක් වීමෙන් අනතුරුව යි.

මෙවැනි පසුබිමකදී, පාර්ලිමේන්තුව තුළ අන්තර්වාර පාලනය බිහිවනු ඇත්තේ අගමැති මහින්ද රාජජපක්ෂ නොමැති, එහෙත් ආණ්ඩුවෙන් විසිරී ගිය දේශපාලන පක්ෂ යළි එක් වීමෙන් බව එම ආරංචි මාර්ග පවසනවා.

වාර්තාවන ආකාරයට අන්තර්වාර පාලනයේ අගමැතිවරයා ලෙස යෝජනා වී ඇත්තේ පොහොට්ටුවේම සමාජිකයෙකි. පවතින නෛතික රාමුව තුළ ඔහු අගමැති ධූරයට පත් වන්නේ ජාතික අරමුණක් වෙනුවෙන් පිහිටුවන ජාතික ආණ්ඩුවක් සඳහා වූ අන්තර්වාර පාලන රජයක බැවින් ඔහුගේ පක්ෂ මූලය අග්‍රාමාත්‍ය ධූරයට අදාල වන්නේ නැත.

ඒ සමගම පොහොට්ටුවේ හැටකට ආසන්න කණ්ඩාමක් හිටපු අගමැතිවරයා සමග විපක්ෂයේ අසුන් ගැනීමට ඇති සූදානමක් සම්බන්ධව ද මත පලවෙමින් ඇත.

මේ තත්වය තුළ දැනට පාර්ලිමේන්තු ආසන 47ක් සහිත සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට විපක්ෂයේ බලය අහිමි වී, සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායක ධුරය අහිමි වීමටත් පක්ෂ-විපක්ෂ සර්ව බලය සහිතව පොහොට්ටුවේ බලය පාර්ලිමේන්තුව තුළ පැතිරීමටත් ඇති ඉඩ දේශපාලන ක්ෂේත්‍රයේ සංවාදයට බඳුන් වී ඇත.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...